දෙමළ ජනතාවගේ අභිලාෂයන් කිසිවිටෙකත් අත්නොහැරිය යුතුයි

  👤  3337 readers have read this article !
By mawbima 2017-11-15

දෙමළ ජනතාවගේ අභිලාෂයන් කිසිවිටෙකත් අත්නොහැරිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.
සමස්ත දෙමළ නායකයන් තුළ ඇතිව තිබෙන තරගකාරීත්වය හා විරසකයන් හේතුවෙන් දෙමළ ජනතාව විනාශය කරා රැගෙන යමින් තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ යාපනයේදී පැවැති දෙමළ ජනතා සංසදයේ විශේෂ රැස්වීම අමතමිනි.

දේශපාලන පක්ෂ විසින් ඒකාබද්ධ වූ දෙමළ ජාතික සන්ධානය විසින් තමන් උතුරු පළාත් මහ ඇමැති ධුරයට නම් කළ බව මෙහිදී මෙනෙහි කළ අමාත්‍යවරයා එහෙත් දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් එම පක්ෂ සහයෝගයෙන් කටයුතු කරන බවක් දක්නට නොලැබෙන්නේ යැයිද පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් තමන් තම ජනතාව වෙනුවෙන් සෑම විටම පෙනී සිටින බවද ඔහු අවධාරණය කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
මේ අවස්ථාවේ දෙමළ ජනතාවට බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුව තිබේ. ආණ්ඩුවත් සිංහල දේශපාලන නායකයනුත් මුස්ලිම් නායකයනුත් මොනවාද කළ යුත්තේ කෙසේ කළ යුතුද කවරාකාරයෙන් පවත්වාගෙන යා යුතුද යන්න සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් කටයුතු කරනු ලබන මොහොතක දෙමළ දේශපාලන පක්ෂ අභ්‍යන්තර ගැටුම්වලටත් තම තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් කටයුතු කරන බව දක්නට ලැබෙනවා. මෙය දෙමළ ජනතාව විනාශය කරා රැගෙන යෑමක් බව මගේ මතයයි.
අපේ සාමූහික අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අපගේ පෞද්ගලික අරමුණු ටික කාලයකට පසෙක තැබීමේ අවස්ථාව උදාවී තිබෙනවා. මේ අවස්ථාවේ ඉතා අවධානයකින් හා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ වගකීම අප සතු වගකීමක්. උතුරේ ජනතාව තවදුරටත් ස්වයංනිර්ණ අයිතිය ඉල්ලනු ලබන්නේය යන්න චෝදනාවක් ලෙස බලයි. බලය විමධ්‍යගත කිරීම අනෙකුත් ජාතීන්ගේ සහයෝගය මත ලැබිය යුතුව ඇති නමුත් එය බහුතරයක් එල්බ ගත් මතයන්ගේ පිහිටා ලබාගත යුත්තක් නොවෙයි.

අපගේ ඉල්ලීම්වලට වඩා අඩුවෙන් ආණ්ඩුව විසින් බලය බෙදා හැරීමට සූදානම් මොහොතක එම බලතල මුළුමනින්ම පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකළ යුතුයි. ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කරයි නම් ඊට විරෝධය නොදැක්විය යුතුයි.
ආණ්ඩුව ලබාදීමට බලාපොරොත්තු වන සහන ඔවුන් අපගෙන් උදුරා ගත් ඒවාම මිස අලුතෙන් ලබාදෙන්නක් නොවෙයි.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්