හමුදා සෙබළාගේ ඔඩොක්කුවේ කේරළ ගංජා කිලෝ 2ක්

  👤  3377 readers have read this article !
By mawbima 2017-11-15

මුලතිව් - ශෂි කුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ බස් රථයක ගමන්ගත් යුද හමුදා සෙබළකු ළඟ තිබූ කේරළ ගංජා කිලෝ 2ක් වවුනියාව කනගරායන්කුලම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කනගරායන්කුලම් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (13දා) අලුයම් කාලයේදී කනගරායන්කුලම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාළ බස් රථය පරීක්ෂා කිරීමේදී බස් රථයේ ගමන් ගත් යුද හමුදා සෙබළකුගේ ඔඩොක්කුවේ තිබී පාර්සල් කර තිබූ කේරළ ගංජා කිලෝ දෙකක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා යාපනය පලාලි යුද හමුදා කඳවුරේ සේවය කරන අතර වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වැනිදා දක්වා බන්ධනාගාරගත කොට ඇත.

වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පුලියන්කුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක යුදාෆ්, පොලිස් සැරයන් සිල්වා හා කොස්තාපල්වරුන් වන රමේෂ්, තවරෙෂන් හා නුවන් යන අය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්