ආණ්ඩුව ඇතුළේ ගැටුම් උග්‍රවෙලා: ඡන්දෙන් පස්සේ කඩා වැටෙයි

  👤  3480 readers have read this article !
By mawbima 2017-11-15

මේ ආණ්ඩුව පර්පචුවල් ට්‍රෙෂරීස්ලාගේ පොලී රේට්ටුවට අනුව ණය ගත් නිසා ඉබේටම රුපියල් බිලියන 590ක් පමණ මෙරට ණය බරට එකතු වී ඇති බවත් ඒ හේතුවෙන් රුපියලේ වටිනාකම 19%කින් පමණ අඩුවී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.
මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පෙරේදා (13දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවැසීය.

ආණ්ඩුව ශත 5ක් අලුතින් ණය නොවුණත් රුපියලේ වටිනාකම අඩුවී රුපියල් බිලියන 590ක්ම අපේ ණයට එකතුවෙලා. ඒ මිලියන ගණන් ගෙවන්න තමයි මේ ණය බද්ද ගන්න යන්නේ.

අපි ආණ්ඩුවෙන් අහන්න ඕන. මේ බැඳුම්කර වංචාවට අගමැති කරමුලින්ම අහුවෙන්න හේතු කාරණා ඕනැවාටත් වඩා තියෙනවා. අගමැතිතුමා ඔහුගේ ආරක්ෂාවට හා නිදහසට කොමිසමට ප්‍රකාශයක් කළාලු. අපි කවුරුත් ඒක දැක්කෙ නෑ. මේ රටේ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා ඒක දැනගන්න. මාධ්‍යයටත් අයිතියක් තියෙනවා ඒක පළ කරන්න.
මේ අයවැය ගැන කතා කරනවා නම් සිතා බැලිය යුත්තේ මිනිස්සු මොනවද ඉල්ලුවේ, මොනවද ලැබුණේ කියලා. හාල්, පොල්, එළවළු, අමු මිරිස්, මාළු ආදියයි මිනිස්සු අඩු මිලට ඉල්ලුවේ. මොකක්ද මේ අය වැයෙන් ජනතාවට කියලා තියෙන්නේ. කියලා තියෙන්නේ බියර් එකක් බීලා පුංචි කාර් එකකින් යන්න කියලා.

හුඟක් කල් ඉඳන් ඡන්දය මඟ අරින්න ආණ්ඩුව උත්සාහ කළා. ඒ බව සීමා නිර්ණ කමිටුවේ සභාපතිම ඇමැතිවරයා කරපු බලපෑම ගැන කිවුවා. දැන් මැතිවරණයට මිනිස්සු ලෑස්ති වෙනවා. ඔය අතර ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමාම කියලා තියෛනවා යම් එකඟතාවක් ඇති නොවුණොත් එයා තීරණයක් ගන්නවා කියලා. අනික් පැත්තෙන් අගමැතිගෙ පාර්ශ්වය පැත්තෙන් ඉන්දීය තෙල් සමාගම ආරක්ෂා කරගෙන අර්ජුන රණතුංග ඇමැතිවරයාට විශාල පහරදීමක් කරගෙන යනවා.

මේ විදියට ආණ්ඩුව ඇතුළේ විවිධ මතභේද උග්‍ර වෙලා තියෙනවා. ඒවා තවත් උග්‍රවේවි ඡන්දය ළං වෙනකොට. ඡන්දයෙන් ලැබුණු ප්‍රතිඵලයෙන් ආණ්ඩුව කඩා වැටීමට නියමිතයි. හේතුව ඡන්දයෙන් විශාල පරාජයකට යයි. හේතුව තිබුණැයි කියන ජනවරම දැන් නැති වෙලා තියෙනවා. ඉදිරි මැතිවරණය මේ ආණ්ඩුවට තීරණාත්මක අවසානයක් ලබා දෙයි.
දේශ විමුක්ති ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපති ගලගම ධම්මරංසි හිමි
මංගල සමරවීර බුද්ධිමතුන් දාන කණ්ණාඩියක් දාගෙන, වැදගත් මුදල් ඇමැතිවරු ඇඳපු ටයි කෝට් ගැහුව පමණින් හිතාගෙන ඇත්තෙ ඔහුත් මහා වැඩකාරයෙක් කියලා වෙන්න ඇති. ඒ කෝට් එකට යටින් කණ්ණාඩි කුට්ටමට යටින් පේන්නේ කවුරුත් දකින දෙයෙහි විකෘතියක් තියෙන්නේ.

ඒකාබද්ධය පැවැත්වූ ජන රැලියෙන් රටේ ජනතාවට සැබෑ වෙනසක වුවමනාවක් ඇතිවී තිබෙන වග පැහැදිලි වුණා. කන්න බොන්න දීලා බස් දාල ගෙනාපු සෙනඟ නෙවෙයි එතැන හිටියේ. එහිදී හිටපු ජනාධිපතිත් පැහැදිලිවම කිව්වේ රටේ ජනතාව සමඟයි ඔහුට ගනුදෙනුව තිබෙන්නේ, රටේ ඉහළ නායකයන් සමඟ නොවේ කියලා.

හර්ෂනී අර්සකුලරත්න
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්