බුලත් කොළයද? අතද? තීරණය මධ්‍යම කාරක සභාවේදී

  👤  3372 readers have read this article !
By mawbima 2017-11-15

සිදත් මෙන්ඩිස්

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ අත ලකුණින් තරග කරනවාද? නැතිනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බුලත් කොළය ලකුණින් තරග කරනවාද? යන්න පිළිබඳව ඉදිරියේදී පැවැත්වීමට නියමිත...මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

පක්ෂ මූලස්ථානයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ තරුණ පෙරමුණ සභාපති ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
එදිනට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීම තීරණාත්මක එකක් වන බව පැවසූ හෙතෙම කියා සිටියේ වැදගත් තීරණ රැසක් එහිදී ගන්නා බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්