යාපනය සරසවියේ ලොකු විරෝධතාවක්

  👤  3502 readers have read this article !
By mawbima 2017-11-15

මුලතිව් - ශෂිකුමාර්,
ඕමන්ත - ශේෂලා අමරසිංහ

රජය පොරොන්දු වූ අයුරින් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හෝ ඔවුන් වෙනුවෙන් නඩු කටයුතු කඩිනම් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින් යාපනය සරසවියෝ සිසු සිසුවියන් දහසකට අධික පිරිසක් ඊයේ (14දා) විරෝධතාවක නිරත වූහ.

යාපනය සරසවිය අබියසින් ආරම්භ වූ විරෝධතාව පලාලි මාර්ගය ඔස්සේ ගොස් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් අවසන් විය. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට බල කරන ලෙස ඉල්ලා සරසවි සිසුන් විසින් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක්ද භාර දෙන ලදී. පසුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයටද භාරදී ඇත. විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන් කියා සිටියේ, අවස්ථා කිහිපයකදීම රජය විසින් දේශපාලන සිරකරුවන්ට විසඳුමක් ලබාදෙන ලෙසට පැවසුවත් ඒ සියල්ලක්ම මේ වන විට රැවටීමක් වී ඇති බවයි.

දැනට සිරගතව සිටින 132ක් පමණ වූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට බල කිරීම සඳහා අන්තර්ජාතික මැදිහත් වීමක් අවශ්‍ය බවටද විරෝධතාවයේ නිරත සරසවි සිසු සිසුවියෝ වැඩි දුරටත් කියා සිටියහ.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට යාපනය විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනය කිරීම නිසා සරසවිය වසා දැමුණු අතර සරසවිය නැවත විවෘත වුණේ ඉකුත් සඳුදාය. ඊයේ දිනයේදී නැවත මෙසේ විරෝධතාවක් යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්