කැබ් රිය පෙරැළී එකම පවුලේ ඥාතීහු 15ක් රෝහලේ

  👤  3561 readers have read this article !
By mawbima 2017-11-15

කටුපොත - නාරම්මල ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය ප්‍රදේශයේදී ඊයේ (14දා) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ ඥාතීන් 15 දෙනකු බරපතළ තුවාල ලබා කටුපොත ප්‍රාදේශීය බී රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝගීන් 12 දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇතැයි කටුපොත පොලිසිය පැවැසීය.

තුවාල ලැබූ අය අතර පිරිමි 4 දෙනකු, කාන්තාවන් 08 දෙනකු සහ කුඩා ළමයින් 03 දෙනකු සිටින බවද පොලිසිය පැවැසීය. මොවුන් අනුරාධපුර -තන්තිරිමලේ - බිල්ලෑව ප්‍රදේශයේ එකම පවුලක ඥාතීන් පිරිසක් බවට පොලිසිය හඳුනාගෙන ඇත. මේ අතර සිටි බිල්ලෑව පදිංචි නිමල් ගුණරත්න මහතා (39) පැවැසුවේ "13 වැනි දින රාත්‍රි 12ට පමණ කැබ් රථයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිය නංගිගේ පොඩි පුතා බලන්න ගොස් දහවල් ලෙඩා බලා ආපසු කොළඹින් 1.30ට පමණ තන්තිරිමලේ බලායෑමට පිටත් වුණේ. කැබ් රථය එතරම් වේගයෙන් ආවෙත් නැහැ. එකපාරටම පාරේ අයිනට ගිහිල්ලා අනිත් පැත්තටම පෙරළුණා. වාහනය පිටුපස්සේ ගහල තිබුණු තට්ටුව සේරම කැඩුණා. හිටපු අය පෙරළිලා තුවාල වුණා. කටුපොත නගරයේ හිටපු අය ඇවිත් අපිව රෝහලට අරන් ගියා."

කටුපොත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්