භූගෝලීය වෙනසක් ගැන යාපනේ ජනතාව බය වෙලා

  👤  3479 readers have read this article !
By mawbima 2017-11-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය අර්ධද්වීපයට සති දෙකක පමණ කාලයක් සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් පසුව යාපනයේ යම් භූගෝලීය වෙනස්කමක් සිදුවී ඇතැයි යන සැකය විශාල පිරිසක් තුළ හටගෙන තිබේ.
විශේෂයෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ කථිකාචාර්යවරු පවසන්නේ වර්ෂාවට පෙර යාපනයේ මුහුදු ප්‍රදේශයත් මේ දිනවල මුහුදු ප්‍රදේශයත් අතර විශාල වෙනස්කමක් දක්නට ඇති බවයි.

බොහෝ ප්‍රදේශවල මුහුදු ජල මට්ටමේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර ඇතැම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවී ඇති බවද ඔවුහු කියා සිටිති.
ගොඩබිම් මාර්ග රැසක්ම මුහුදු ජලයෙන් යටවී ඇති බව කියන එම කථිකාචාර්යවරුන් එම ජලය බැස නොයන තත්ත්වයක් දක්නට ලැබීම නිසා යම් භූගෝලීය වෙනසක් සිදුව ඇති බවට සැක කරන බවද කියා සිටියි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විෂය සම්බන්ධයෙන් වූ හිටපු මහාචාර්යවරයකු වන මෑතකදී මියගිය මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා 2006 වර්ෂයේදී අනාවැකියක් පළ කරමින් නුදුරු අනාගතයේ යම් දවසක යාපනය අර්ධද්වීපය තුළ විශාල භූගෝලීය වෙනස්කමක් සිදුවන බව ප්‍රකාශ කළ අන්දම යළි සිහිකරන යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරුන් කියා සිටින්නේ එම වෙනස සිදුවීමේ මූලික අවස්ථාව යාපනයට පැමිණ ඇතැයිද යන්න සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.
යාපනයේ සාමාන්‍ය ජනතාව මේ සිද්ධියත් සමඟම තරමක් බියට පත්ව සිටින අතර ඔවුන් විශ්වාස කරන්නේ ඉතාම නුදුරු දිනයකදී යාපනය ප්‍රදේශයට සුනාමි ව්‍යසනයක් පැමිණිය හැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon