දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනාම නිදහස් කළා : දැනට බන්ධනාගාරයේ සිටින්නේ චෝදනා ලැබූ කොටි සාමාජිකයන්

  👤  3356 readers have read this article !
By mawbima 2017-11-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

රජය විසින් දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනාම නිදහස් කර ඇති බවත්, දැනට බන්ධනාගාරවල සිටින්නේ චෝදනා ලැබ සිටින එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් පමණක් බවත් කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් යාපනයේදී පැවැසුවාය. රාජ්‍ය අමාත්‍යවරියගේ නිවෙසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරිය බන්ධනාගාරගත කොට සිටින පිරිස සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව ඇත්තේ අධිකරණය මිස ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ අන් කිසිවකු නොවන බවද පවසා ඇත.
මේ සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රජයෙන් යම් අසාධාරණයක් සිදුවී ඇත්තේ සැකකරුවන් තුන්දෙනකු වවුනියාව අධිකරණයේ සිට අනුරාධපුර අධිකරණයට මාරු කිරීමත් ඔවුන් සම්බන්ධයෙන් නඩුව අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කිරීමත් පමණක් බව කියා සිටි අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් තමන් දැනටමත් රජයේ වගකිවයුතු පිරිස සමඟ සාකච්ඡා කරමින් සිටින බවද පවසා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon