නයා පුච්චපු කසළ ගොඩේ තිබුණු බෝම්බයක් පිපිරී කිලිනොච්චියේදී පුද්ගලයෙක් මරුට

  👤  3349 readers have read this article !
By mawbima 2017-11-17

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

කිලිනොච්චිය, පුනරීන් කිරාංචි ප්‍රදේශයේදී මරාදමන ලද නාගයකු පිලිස්සීමට යෑමේදී කසළ ගොඩක තිබූ පුපුරන ද්‍රව්‍යයක් පිපිරී යෑමෙන් පුද්ගලයකු මියගොස් ඇති බවට පුනරීන් පොලිසිය කියයි.

මරා දමන ලද නාගයා ඒ අසල පිහිටි කසළ ගොඩකට දමා නිවෙස් හිමියා විසින් පුලුස්සා ඇති අතර එම අවස්ථාවේදී කසළ ගොඩ එකවරම පුපුරා යෑමෙන් එම පුද්ගලයා මියගොස් ඇත.

පුනරීන් පොලිසිය සැක පළ කර සිටියේ යුද සමයේ වළ දමන බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍යයක් එම ස්ථානයේ තිබී ගිනි සැරට මෙසේ පුපුරා යන්නට ඇති බවය.
පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ එක්දරු පියා එම අවස්ථාවේදීම පුනරින් රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon