101 වැනි ෂැංග්‍රි-ලා හෝටලය ජනපති - අගමැති අතින් විවෘත වෙයි

  👤  3354 readers have read this article !
By mawbima 2017-11-17

පහන් විජේසේකර

වසර 30කට ආසන්න කාලයකට පසු කොළඹ නගරයේ ඉදිකළ ප්‍රමුඛතම සංචාරක හෝටලය වන ෂැන්ග්‍රි-ලා හෝටලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16දා) උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නව යුගයක් උදාකර දීම සටහන් කරමින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් විසින් පීත්ත පටිය කපා ෂැංග්‍රි-ලා හෝටලය විවෘත කරනු ලැබීය.

ඉන් අනතුරුව ෂැන්ග්‍රි-ලා හොටෙල් කලම්බෝ විවෘත කිරීම සිහිගන්වන ඵලකය ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.
එහි වූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ජනාධිපතිවරයා 32 වැනි මහලේ පිහිටි නැරැඹුම් මැදිරියේ සිට අවට නිරීක්ෂණය කළේය. ෂැන්ග්‍රි-ලා ආසියා සමාගමේ සභාපති 'ඩ්භඪ ඬභධඬ මහත්මිය විසින් එහිදී ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගන්වන ලදී.
ෂැන්ගි්‍ර-ලා හෝටලය විවෘත කළ ඊයේ දිනයේ පළමු ගනුදෙනුකරුවන් ලෙස ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් සහ චීනයේ ප්‍රකට ටචද රඪපඥද මහතා හා ඹ්භතභ මෙනෙවිය ලියාපදිංචි වීම කැපී පෙනිණි.

ලොව පුරා ව්‍යාප්තව ඇති ෂැන්ග්‍රි-ලා හෝටල් සමූහයට අයත් 101 වැනි හෝටලය ලෙස විවෘත කෙරුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය අති නවීන පහසුකම් සහිතව ඉදිකර තිබෙන අතර සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභොා්ගී කාමර 34ක් ඇතුළු කාමර 541කින් සමන්විතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ජෝන් අමරතුංග, සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, කබිර් හෂීම්, ෆයිසර් මුස්තාපා, ෂැන්ග්‍රි-ලා ආසියාහි ප්‍රධාන විධායක නිලධාරි ඹ්ඪථ ඕඥදඨ ජඩඥඥ, ෂැන්ග්‍රි-ලා ශ්‍රී ලංකා හෝටල් සමූහයේ අධ්‍යක්ෂ සජාඩ් මව්සූන් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon