එන වසරේ අප්‍රේල් සිට විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙනවා

  👤  3360 readers have read this article !
By mawbima 2017-11-17

සිදත් මෙන්ඩිස්

ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මේ සඳහන කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් එරටදී විවිධ කරදරවලට ලක් වූ ශ්‍රමිකයන් 38 දෙනකු වෙනුවෙන් රුපියල් එක්කෝටි හය ලක්ෂයක වන්දි මුදල් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
2016 වසරේ ශ්‍රමිකයන් 51 දෙනකු වෙනුවෙන් හිඟ වැටුප් කෝටි දෙකකට ආසන්න මුදලක්ද, 2017 වසරේ ශ්‍රමිකයන් 115 දෙනකු වෙනුවෙන් හිඟ වැටුප් කෝටි 5ක මුදලක්ද ලබාදීමට හැකි වූ බවද අතුකෝරල මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය එහිදී තවදුරටත් මෙසේද පැවැසුවාය. කාර්යාංශයේ හා තානාපති කාර්යාලවල අපේ සේවය කරපු අය කැපවීමෙන් කටයුතු කරපු නිසා තමයි අද මේ වන්දි මුදල් ලබා දෙන්නේ. 2016 වසරේ හිඟ වැටුප් ලක්ෂ 248ක් ලබාදීලා තියෙනවා. මේ අවුරුද්දේ 115 දෙනකුට ලක්ෂ 516ක් ලබාදීලා තියෙනවා. අපේ වගකීම වෙන්නේ නොයෙකුත් කරදරවලට ලක්වෙන ශ්‍රමිකයන් බලාගන්න එක. ඇතැම් අය මාධ්‍ය හරහා නොයකුත් චෝදනා අපිට කරනවා. විශේෂයෙන්ම පසුගිය කාලවල කරදරයට ලක්වෙලා හිටිය අයට අවබෝධයක් තිබුණේ නෑ ඇවිත් අපිට පැමිණිලි කරන්න ඕනෑ කියලා. කාර්යාංශයට කියන්න, අපේ පළාත් කාර්යාලවලට කියන්න. ඒකෙන් නොයකුත් අය ඇවිත් විවිධ ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. අපි මේ දේවල් හොඳට අත්දැකලා තියෙනවා. මේ දේවල්වලට කාර්යාංශය මුකුත් කරන්නේ නෑ හැමදේම කරන්නේ අපියි කියන දේ ඇතැම් අය මටත් ඇවිත් කියනවා. දේශපාලන වාසිගන්නත් කියනවා. එහෙම සංවිධාන ගොඩක් තියෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon