මාරුවීමට ගිය ගුවන් මගියාගේ බෑගයේ හය ලක්ෂයක රන් බඩු තොගයක්

  👤  3661 readers have read this article !
By mawbima 2017-11-17

කටුනායක - ගයා තිරිමාදුර

නීති විරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ 40 හැවිරිදි නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඊයේ (16දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.

ඊයේ අලුයම 3.30ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. -349 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' (ට්පඥඥද ඛ්ඩචදඥත) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත ඔහු රැගෙන ආ අත් බෑගය පරීක්ෂා කරද්දී ඒ තුළ සඟවා ගෙන තිබූ මෙම ස්වර්ණාභරණ තොගය අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී ඇත.

එම බෑගය තුළ ග්‍රෑම් 127.36ක් බර රුපියල් 6,36,000ක් වටිනා ස්වර්ණාභරණ කට්ටල 06ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
අධ්‍යක්ෂවරුන් වන රුවන් සත්කුමාර සහ ටී.එන්. දේවප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරිවරුන් වන යූ.ජී. එස්. උදයංග, ඩබ්ලිව්. එම්.සී. එච්. විජේගුණරත්න, ආර්.එස්. මදුරප්පෙරුම සහ සී.එම්. මිහිඳුකුලසූරිය යන මහත්වරුන් මගියා අත්අඩංගුවට ගෙන තිබිණි.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දර්ශන සිල්වා මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon