ගුවන් ගමන් පාලනයේදී රේඩාර් තාක්ෂණය වෙනුවට ඒ. ඩී. එස්. බී. තාක්ෂණය

  👤  3289 readers have read this article !
By mawbima 2017-11-17

උපතිස්ස පෙරේරා

ගුවන් යානාවලට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂිත වූ ගුවන් යානා පාලන පද්ධතියක් ලබාදීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් තමන් ඉතාමත් සතුටට පත්වන බවත් මෙය ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ අමරණීය අවස්ථාවක් බවත් මුදල් පිළිබඳව කෙතරම් ප්‍රශ්න හා ගැටලු තිබුණත් ප්‍රමුඛතාවක් ලෙස මේ අවශ්‍යතා හඳුනාගෙන මෙරට ගුවන් තොටුපළවල් හා මෙරට ගුවන් කලාපයට පැමිණෙන සියලුම ගුවන් යානාවල ආරක්ෂාව තහවුරු කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම ප්‍රියජනක බව ගුවන් නියමුවන්ට ඒත්තු ගැන්වීම තම වගකීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා ලොව දියුණු වන තාක්ෂණය සමඟ ඉදිරියට යෑමට හැකියාව ලැබී ඇති බවත් ශ්‍රී ලංකාවේ පැරැණිම ගුවන් තොටුපොළ වන රත්මලාන ගුවන් තොටුපොළ මීට වඩා දියුණු තත්ත්වයකට පත්කර දැනට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩිකර පෞද්ගලික ජෙට් ගමනාගමනය වර්ධනය කිරීමට පසුබිම සකසන බවත් සඳහන් කරයි.

මෙරට එක් පන්තියකට පමණක් සීමා වූ ගුවන් ගමන් තමන්ට දරාගත හැකි ආකාරයට ව්‍යාප්ත කර ගුවන් ගමන් සේවාවේ පරිවර්තනයක් සිදු කිරීමට පියවර ගන්නා බව පෙන්වා දෙන අමාත්‍යවරයා විශේෂයෙන් අභ්‍යන්තර ගුවන් ගමන් සේවා ප්‍රවර්ධනය කර සංචාරක කර්මාන්තය නංවාලීමට කටයුතු යොදන බවද සඳහන් කරයි.
ගුවන් ගමන් හැසිරවීම හා පාලනය කිරීම සඳහා මෙතෙක් යොදාගත් රේඩාර් තාක්ෂණය වෙනුවට ලෝකයේ ගුවන් පියාසර කටයුතු සඳහා උපයෝගී කරගන්නා ස්වයංක්‍රිය ආරක්ෂිත නිරීක්ෂණ තාක්ෂණය (ඒ.ච්.ඉ.ඕ) ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීම නිමිත්තෙන් රත්මලාන ගුවන් තොටුපොළේ පාලක මැදිරියේදී පෙරේදා (15දා) සවස පැවැති උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

නවීනතම අධීක්ෂණ ක්‍රමවේදයක් වූ චන්ද්‍රිකා මඟින් සිදුකරන ඒ.ච්.ඉ.ඕ තාක්ෂණය යොදා ගැනීමෙන් ශ්‍රී ලංකා ගුවන් සේවාවට ප්‍රතිලාභ රැසක් අත්වන බවත් ඒ අනුව රේඩාර් කුලුනු සවි කිරීමට හා නඩත්තු කිරීමට වැය වන පිරිවැය අඩු කරගෙන පරිසර හිතකාමී සේවාවක් ලබාදී ගුවන් යානා තිබෙන ස්ථාන පිළිබඳව ක්ෂණිකව නිරවද්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon