අගමැති සඳුදා කොමිසමට කැඳවයි

  👤  3496 readers have read this article !
By mawbima 2017-11-17

කමල් මහේන්ද්‍ර වීරරත්න

මහ බැංකු බැඳුම්කර අක්‍රමිකතා විමර්ශන කොමිසම හමුවේ ලබන සඳුදා උදේ 10.00ට පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එම ජනාධිපති කොමිසම විසින් දැනුම් දී ඇත

අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කරන ලද අර්ජුන මහෙන්ද්‍රන්ගේ පාලන කාලය තුළ පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී සිදුව ඇති බවට අනාවරණය වී ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත්කොට ඇති ජනාධිපති විමර්ශන කොමිසම මෙලෙස අගමැතිවරයා කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත්තේ ඔහුගෙන් තහවුරු කරගත යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වාචිකවම විමසා පිළිතුරු ලබාගැනීමට අවශ්‍යව ඇති හෙයිනි.
අගමැතිවරයා කැඳවීමට මෙම තීරණය ගැනීමට පෙර අවස්ථා දෙකකදීම ප්‍රශ්නාවලියක් යොමු කරමින් ඔහුගෙන් දැනගතයුතු කරුණු දැන ගැනීමට කොමිසම පියවර ගනු ලැබුවද එම පිළිතුරු මඟින් කොමිසමට තහවුරු කරගත යුතුව තිබූ කරුණු සම්බන්ධයෙන් සාධනීය පිළිතුරු නොලැබීම නිසා මෙලෙස ඔහු කැඳවා ඔහුගෙන් වාචිකවම ඒවාට පිළිතුරු ලබා ගැනීමට කොමිසම තීරණය කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon