මතුගම හරක් මස් කඩයට හිමිනම ඇප මුදල් තැන්පත් කරයි

  👤  3323 readers have read this article !
By mawbima 2017-11-17

මතුගම -
වසන්ත කුමාර

මතුගම ප්‍රාදේශීය සභා පොදු වෙළෙදපළේ එළහරක් මස් කඩය සඳහා වූ ටෙන්ඩර් බදු ඇප මුදල ඊයේ (16දා) හවස 2.50ට පමණ සභාවට ලබාදීමෙන් පසු 2018 ජනවාරි 01දා සිට මතුගම එළහරක් මස් විකිණීමේ අයිතිය මාවිට ඥානරතන හිමියෝ සතු කරගත්හ. මතුගම ප්‍රාදේශීය සභාවේ කළමනාකරණ සහකාර කේ.කේ.ආර්. රංජනිකා මහත්මිය, ජී.එම්.එස්. කුමාර සහ ප්‍රධාන ලිපිකාරිනිය ඇතුළු නිලධාරීන් හමුවේ ඥානරතන හිමියෝ ඇප මුදල් තැන්පත් කළහ.

මතුගම මහකළුපහන සේලතෙලාරාම විහාර වාසී මාවිට ඥානරතන හිමියන් සමඟ මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී උෟරගහ සිරිධම්ම හිමියන් නාරවිල සමිතවංශ හිමියන් සමඟ විජේසූරිය පාර ධම්ම ගවේෂි හිමියෝ ඊයේ (16දා) මතුගම ප්‍රාදේශීය සභාවට වැඩම කර මස්කඩ ගිවිසුම සඳහා ඇප තැන්පත් කළහ.
තුන් මසක් සඳහා රුපියල් 8,06,405.50 මුදලක් ඇප මුදල් තැන්පත් කිරීමත් සමඟ මතුගම නගරයේ එකම ප්‍රධානම එළහරක් මස් කඩයේ හිමිකාරිත්වය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට හිමිවනු ඇත.
මතුගම එළහරක් මස් කඩය 2018 වර්ෂය සඳහා ටෙන්ඩර් කැඳවීමේදී රුපියල් 32,25,622ක් වැඩිම ඩෙන්ඩර් මුදල ඉදිරිපත් කර ඇත්තේ මතුගම මහකළුපහන සේලතෙලාරාමවාසී මාවිට ඥානරතන හිමියන් විසිනි.

ඇප මුදල් බැඳීමෙන් පසු ඊයේ (16දා) හවස මාවිට ඥානරතන හිමියන් කීවේ 2018 ජනවාරි 01 දින සිට මතුගම මස් කඩයේ හිමිකාරිත්වය ලබාගන්නවා. මාස තුනක බදු මුදල රුපියල් අට ලක්ෂ හයදාස් හාරසීය පහකුත් ශත් පනහක ජනතාවගේ සම්මාදන් මුදල් අද ගවයන්ගේ අභයදානය වෙනුවෙන් මතුගම ප්‍රාදේශීය සභාවට භාරදුන්නා. ප්‍රදේශයේ මහා සංඝරත්නය, ව්‍යාපාරික ප්‍රජාව සහ අහිංසක ජනතාව ලබාදුන් මුදල් මෙසේ මස් කඩයට ඇප ලෙස තැන්පත් කළේ මස් විකිණීම සඳහා නෙවෙයි. ගව ඝාතනය නතර කිරීම සඳහායි. ටෙන්ඩර් ඉල්ලුම් කළෙත් භික්ෂුන් වහන්සේ නමක් ලෙසටයි. එතකොට මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට මස්කඩ ටෙන්ඩර් එකක් අනුමත කරද්දී හාමුදුරුවෝ මස් විකුණයිද කියලා හිතන්න ඕන. ගිවිසුමේ තියෙන දේවල් පිළිබඳ ඉදිරියේදී මොකද වෙන්නෙ කියලා බලනවා යැයි කීහ.

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ වෙමින් කීවේ ගිවිසුම් ප්‍රකාර කටයුතු කරන බවයි. එළහරක් මස්කඩය බදු ගත්විට ප්‍රදේශයේ ජනතාවට මස් ලබාදීමට බදුකරුට සිදුවෙනවා. ගිවිසුම අනුව වෙනත් ව්‍යපාරයක් හෝ එකදිගට දින 07කට වඩා වසා තැබුවහොත් ටෙන්ඩර් ගිවිසුම අහෝසි වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon