අභියෝග හමුවේ අභීතව සිටියා

  👤  3896 readers have read this article !
By mawbima 2017-11-19

පුවත්පතක හය වැනි ජන්ම දිනය සැමරුම පසුබිමෙන් පෙරැළෙන පිටු අතරේ සලකුණු වන්නේ ජනතා ආකර්ෂණයේ ඉහළ ප්‍රතිශතයක් දිනා ගනිමින් සිය පාඨක ප්‍රජාවගේ නොමඳ අවධානය දිනාගත් පුවත්පතක් බවට එම පුවත්පත නියත විවරණ ලබා ඇති බවය.
තොරතුරු සන්නිවේදනයේ නව අවකාශ විවෘතව පවතින අද දවසේ "මව්බිම" පුවත්පත සත්වැනි වසරට එළැඹෙනුයේ පත්තර පුවරු මත ඇතිරෙන සහෝදර පුවත්පත් ගොන්න අතර ස්වකීය ආරම්භක අනන්‍යතාව තවදුරටත් රැකගනිමින් වීම විශේෂිතය.

"මව්බිම" අන්තර්ගතය සේම ආකෘතියෙන්ද එදවස සිට පවත්වාගෙන පැමිණි ස්වාධීනත්වය කෙරෙන් ප්‍රත්‍යක්ෂ කෙරෙනුයේ තමන් අනුදත් පිළිවෙත ඔස්සේම තරගකාරී, වාස්තවික තත්ත්වයන් හමුවේ වුවද නොසැලී සිටීමේ ධීර ගුණය තමන් සතු බවය. එසේම නව්‍යකරණයට සහ නවීනත්වයට පිටුපෑමක් එමඟින් ගම්‍ය නොවන බවද පැවැසිය යුතුමය. අභියෝගයන් හමුවේ අභියෝගාත්මකව රුව, ගුණ, තේජස රැකගනිමින් ඉලක්කයන් හඹා යෑම "මව්බිම" විසින් පසුගිය කාලවකවානුව පුරාම අභීතව ප්‍රකට කළේය.
පාඨක අවධානය සේම ජනමාධ්‍ය ආචාරධර්මද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලාංකික පුරවැසියා සංස්කෘතික ලෝකය වෙත සම්බන්ධ කෙරෙන කවුළුවක් ලෙස මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැකගන්නා මුරපල්ලකු ලෙස ක්‍රියාකිරීමට ඇවැසි ශක්තිය "මව්බිම" පුවත්පත වෙත ප්‍රාර්ථනා කරන අතර සය වැනි ජන්ම දිනය සැමරුම වෙනුවෙන් මාගේ සුබ පැතුම් පළ කරමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon