පැමිණෙන බාධක මැඬගෙන ඉදිරියට යන “මව්බිම” පෞරුෂය

  👤  3886 readers have read this article !
By mawbima 2017-11-19

"මව්බිම" හා "ඛ්ඥරතධද ඊධඤචර" පුවත්පත් සිය හය වැනි සංවත්සරය සමරන මේ මොහොතේ මාගේ ශුභාශිංසන මේ සමඟ පිරිනමමි.
"මාධ්‍ය නිදහස තහවුරු කරලීම උදෙසා ගත වූ වසර හයක කාලය මුළුල්ලේ "මව්බිම" හා "ඛ්ඥරතධද ඊධඤචර" පුවත්පත් වගකීම් සහගතව ඉටුකළ මාධ්‍ය මෙහෙවර තුළ මේ රටේ සුවහසක් පාඨක ජනතාවගේ ඇගැයීමට ලක්වූ ආකාරය මෙරටේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඔවුන් පැමිණ තිබෙන ඉදිරි ගමන තුළින් මනාව තහවුරු වෙයි.

කවර මාධ්‍යයකට වුවද එවැනි ඇගැයීමක් මෙතරම් කෙටි කලක් තුළ ලබා ගැනීම ලෙහෙසි පහසු නැත. නමුත් වගකීම් සහගතව සත්‍ය තොරතුරු ජනතාව හමුවේ තබන්නට අපක්ෂපාතීව "මව්බිම" හා "ඛ්ඥරතධද ඊධඤචර" පුවත්පත් ඉටු කරමින් සිටින මාධ්‍ය මෙහෙවර නිසා ඕනෑම බාධකයක් මැඬගෙන ඉදිරියට යෑමේ පෞරුෂයක් තමන්ට ඇති බව ඔවුන් රට හමුවේ තහවුරු කර තිබේ. ඒ අභිමානය ඔස්සේ තවදුරටත් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්නට ඔවුනට ශක්තිය ධෛර්ය ලැබේවා යැයි ප්‍රාර්ථනය කරමි".

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon