තරාතිරම නොබලා දඬුවම් දෙනවා

  👤  3426 readers have read this article !
By mawbima 2017-11-20

උපතිස්ස පෙරේරා, ඉමදුව - ටී. විතානවසම්

ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් නැවත මෙවැනි සිදුවීම් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගිංතොට දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදීය.

කිසියම් පුද්ගලයකු කලහකාරීව හැසිරුණහොත් ඔහුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. අපි ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ දැනුවත් කර තියෙනවා. ඒ වගේම කලබලකාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇති කර දේපළවලට හානි සිදුකළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා සියලු අංශ දැනුවත් කර තියෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
අපි රජයක් ලෙස නීතිය හා සාමය ආරක්‍ෂා කරන්න කටයුතු කරනවා. දැන් මේ ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇතැම් අය පවසනවා අපේ පක්‍ෂයේ හිටපු මන්ත්‍රිවරයකු ද මෙයට සම්බන්ධ වී සිටින බව. එවැනි අයටත් අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. ඒ වගේම අපි ග්‍රාම නිලධාරීවරුන් මඟින් මේ හානි පිළිබඳ වාර්තාවක් අරගෙන එය තක්සේරු කරලා හානිය සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවීමට රජය කටයුතු කරනවා. දැනට පොලිස් වාර්තා නොතිබුණා කියා කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. සියලුම දේ සම්බන්ධයෙන් මා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාටත් නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාටත් අවශ්‍ය උපදෙස් දී තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon