යාපනයේ පොලිස් මෙහෙයුමකින් 41ක් අල්ලයි

  👤  3728 readers have read this article !
By mawbima 2017-11-20

යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක ආවා කල්ලිය මඟින් ඉකුත් දිනවල සිදු කළ පහරදීම්වලට අදාළව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව දෙදිනක් තුළ සැකකරුවන් 41 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධීන්වලට අදාළව යාපනය, චුන්නාකම්, කෝපායි, මානිප්පායි යන ප්‍රදේශවල ඉකුත් 17 සහ 18 යන දෙදින තුළ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙම සැකකරුවන් 41 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත උතුරු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණයෙන් මෙම විමර්ශන සිදු කෙරිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon