අය-වැයෙන් අධ්‍යාපනයට කොතරම් සහන සැලසුවත් විපක්ෂය දේශපාලන වාසි ගන්න දුර්වලතා මතු කරනවා

  👤  3309 readers have read this article !
By mawbima 2017-11-20

උදයන්ති මුණසිංහ

වත්මන් විපක්ෂය කොරහේ කිඹුලන් දකින න්‍යාය අනුගමනය කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අය-වැයෙන් රජය කෙතරම් සහන සැලසුවද විපක්ෂයේ ඇතැම් පිරිස් සිය දේශපාලන වාසි උදෙසා එහි දුර්වලතා පමණක් ඉස්මතු කරමින් සිටින බවයි.

මෙවර අය-වැයෙන් රටේ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කොට ඇති බවත් සිය අමාත්‍යාංශය වෙත ලැබෙන මුදල් උපරිම ප්‍රතිශතයකින් යුතුව අදාළ ක්‍රියාවලීන් සඳහා යොදවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම සාධාරණ ලෙස හෝ අසාධාරණ ලෙස රජය විවේචනය කිරීමේ නිදහස පවා සෑම මාධ්‍යකටම හිමි වන අයුරින් වත්මන් රජය රටේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට සමත් වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගියදා කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon