ඡන්දය කල් දමා ජන වරමට පිටුපාන්න එපා

  👤  3330 readers have read this article !
By mawbima 2017-11-20

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

ලබාදුන් ජන වරමට පිටුනොපා නියමිත දිනයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්මේන්තු මන්ත්‍රිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට පළාත් පාලන සීමා නිර්ණය ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබීමෙන් මැතිවරණය තවදුරටත් කල් යෑමට ඉඩ තිබෙන අතර එම නඩුව ගොනු කර ඇත්තේ යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප.යට සම්බන්ධ පිරිසක් විසින් බව තොරතුරු අනාවරණය වී තිබෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන පැවසීය. මේ පිළිබඳව 'මව්බිම'ට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ මෙවර මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප.යට පරාජය භාර ගැනීමට සිදුවනු ඇතැයි බියෙන් මෙසේ මැතිවරණය පැවැත්වීම කල් දැමීමට කටයුතු කරන බවත් එසේ නොකර ලබාදුන් ජන වරමට පිටුනොපා ජනතාවට අවශ්‍ය නියෝජිතයා පත් කර ගැනීමට අවස්ථාව සලස්වා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon