‍ෙදාළොස්වසරක මගේ පාර්ලිමේන්තු කාලයේදී එකම මත්පැන් බලපත්‍රයකවත්් ලබා දී නැහැ

  👤  3405 readers have read this article !
By mawbima 2017-11-20

අරක්කු, රා, බීර හොඳ නැහැ කියා මා පවසද්දී බොන පිරිසට සිත්තැවුලක් ඇතිවන්නට පුළුවන්. සම්පූර්ණයෙන්ම මත්පැන්, මත්ද්‍රව්‍ය බැහැර කළ යුතුයි. මේ දේවල් ලබා දීම තුළ කතිරය ලැබෙනවා. මම මේ දේවල් පවසන්නේ කතිරය ගැන සිතා නෙවෙයි.

ඉහළ පෙළේ දේශපාලනඥයෝ කිසිවකු මෙවැනි දෙයක් පවසන්නේ නැහැ. සමහරුන් මතට තිත යැයි පවසා කොළඹ ගිහින් මගේ මිත්‍රයාට වයින් ස්ටෝර්ස් එකට බලපත්‍ර ලබා දෙන්න කියා නියෝගය ලබා දෙනවා. මාගේ පාර්ලිමේන්තු ජීවිතයට වසර 17ක් වෙනවා. ඒ කාල වකවානුව තුළ එකම මත්පැන් බලපත්‍රයක් මා ලබාදී නැහැ. ඉදිරියේදී ලබා දෙන්නෙත් නැහැ යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවැසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, මීගහජදුර ඉදිවූ "සිතුජයගම" උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය.
එංගලන්ත සාමිවරුන්ගේ සභාවේ නෙස්බි සාමිවරයා ශ්‍රී ලංකාවට පක්ෂපාතී ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාව විනාශ කරනු ලැබුවේ කොටි ත්‍රස්තවාදීන් බව එතුමා පවසා සිටියා. කොටි ත්‍රස්තවාදීන් පොල්පොට් සංවිධානයේ සාමාජිකයන් වගේ යැයි එතුමා සංසන්දනය කරනු ලැබුවා. මේ රටේ රණවිරුවන් යුද අපරාධ සිදුකර නැහැ. ඔවුන් ආරක්ෂා කළ යුතු යැයි එතුමා පවසා සිටියා. නෙස්බි සාමිවරයා මේ කර ඇති කතාව මසුරන් එකක්. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සහ යහපාලන ආණ්ඩුවේම මතයද එයයි. නෙස්බි සාමිවරයාගේ අදහස්වල සහ යහපාලන ආණ්ඩුවේ අදහස්වල කිසිම පරස්පරයක් නැහැ.

අපගේ මාතෘභූමියට අප ආදරය කළ යුතුයි. අපගේ වීරෝදාර රණවිරුවන් මාතෘ භූමිය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත්තා. මේ ජයග්‍රහණය අපට ලබා දුන්නේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා ආරක්ෂක ක්ෂේත්‍රයේ සෑම සියලු දෙනාගේම කැප කිරීම මතයි. රණවිරුන් රැක ගන්නවා, රණවිරුවා පාවා දෙන්නේ නැහැ කියා ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ කැබිනට් මණ්ඩලයට පැහැදිලිවම කියන්නට හැකිනම් මේ කතාව රටේ සියලුම දෙනාට පවසන්න බැරි ඇයි? සුළු කොටසක් මේ ගැන කතා කරන්නේ නැහැ. එසේ කතා කිරීමට නොහැකි පිරිස මේ රටේ සිටින ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී කණ්ඩායම ලෙස මා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ හිතවත්ව වැඩ කළ බොහෝ දෙනෙක් අද මා සමඟ එක්වෙමින් සිටිනවා.
මුදල්වලට පැති මාරු කළ සංස්කෘතිය පසුගිය කාලයේ තිබුණා. මුදලට පැති මාරු කිරීම තුළින් මුළු දේශපාලන ක්ෂේත්‍රයම ජරා ජීර්ණ වුණා. මේ පිරිස මා සමඟ එකට එකතු වූයේ මාගේ සංවර්ධන වැඩසටහන තුළින් ඒ මුදල්, සම්පත්, ප්‍රතිලාභ ජනතාවට බෙදා දීම සඳහායි. මුදල් ලබාදී ඡන්දය ලබා ගන්නවා නම් මැතිවරණ කාලයේදී මට අරක්කු බෙදා ඡන්දය ගන්න පුළුවන්. මගේ ඡන්ද ව්‍යාපාරය තුළ අරක්කු, කසිප්පු ගෙනැවිත් බෙදා දෙනවාද? පසුගිය කාලයේ ලොකු ලොකු උදවිය ලොරි පිටින් අරක්කු ගෙනැවිත් බෙදා දුන්නා. ඔවුන් සිදුකළ ජංගම තැබෑරුම් ව්‍යාපාරය තුළ අපගේ මහන්සිය සේදී ගියා. මේ සියලු දෙනාම අප හා එකතු වූයේ මිනිසත්කම රජයන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon