මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය සුපර් ලීග් පිරිමි ශූරතාව විදුලිබල මණ්ඩලයට කාන්තා ශූරතාව ගුවන් හමුදාවට

  👤  3309 readers have read this article !
By mawbima 2017-11-20

ගමිත දෙහිපිටිය

මන්චි කුසලාන ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි ශූරතාව ප්‍රබල යුධ හමුදා කණ්ඩායම වට 3-0කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමටත් කාන්තා ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමටත් හිමි විය. කාන්තා අනුශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. සුපර් ලීග් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමේ රොමේෂ් රණවක සම්මාන දිනා ගනිද්දී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ එච්. ඩී. ප්‍රසාදිනී සම්මාන දිනා ගත්තාය.

මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 2017 මන්චි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ ආධුනික කාණ්ඩයේ කාන්තා අංශයේ අවසන් තරගයේදී මහඋස්වැව රත්නපාල ක්‍රීඩා සමාජය වට 3-0කින් පරාජයට පත් කළ බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනු ලැබීය. එහි පිරිමි අංශයේ ශූරතාව තියුණු තරගයකින් අනතුරුව වට 3-2ක් ලෙස කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත් කළ ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. ක්‍රීඩා සමාජයට හිමි විය.

මේ අතර මෙම තරගාවලියේ ආධුනික කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජයේ එන්. එස්. ගුණවර්ධන සම්මාන දිනාගනිද්දී ආධුනික කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. ක්‍රීඩා සමාජයේ එච්. ජී. ආරියරත්නට හිමි විය.

ඡායාරූප- තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon