කොළඹ - නුවර මාතලේ පෙට්රල් ෂෙඩ්වල දිගු පෝලිම්

  👤  3401 readers have read this article !
By mawbima 2017-11-21

උපතිස්ස පෙරේරා

ඉන්ධන හිඟයක් ඇති බවට පැතිර ගිය ආරංචි සමඟ පෙරේදා (19දා) රාත්‍රියේ සිට කොළඹ හා තදාසන්න නගරවලත් මහනුවර, මාතලේ ඇතුළු ප්‍රදේශවලත් ඉන්ධනහල්වල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඊයේ දහවල් වන විට දිවයිනේ ප්‍රදේශ රැසක මෙම තත්ත්වය ව්‍යාප්තවී ගියේය.

කොළඹ හා මහනුවර ප්‍රදේශවල මෙම තත්ත්වය උග්‍ර වීම නිසා කිලෝමීටරය දෙක ඉක්මවූ පෝලිම්වල ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන හිමියන් පැය ගණන් රැඳී සිටි අයුරු දක්නට ලැබුණු අතර, ඉන් වැඩි පිරිසක් ටැංකි පිරෙන්නට ඉන්ධන ලබා ගැනීමට යුහුසුලු වන ආකාරයක් දක්නට තිබිණි.

ඛනිජ තෙල් බෙදා හැරීම සම්බන්ධයෙන් ඉන්ධන හල්වල ගැටලු වෙතොත් පැය 24 පුරා ක්‍රියාත්මක 0115455130 අංකය දරන දුරකතනය අමාත්‍යාංශය මඟින් හඳුන්වාදී ඇතත් ඊට කිසිවකු ප්‍රතිචාර නොදක්වන බව පාරිභෝගිකයෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon