සුරාසොඬ සැමියාව මරා දැමූ බිරියගේ ඛේදවාචකය

  👤  3564 readers have read this article !
By mawbima 2017-11-21

බීමට ඇබ්බැහි වූ සිය සැමියාගේ කරදරවලින් බේරීමට සැමියා ඝාතනය කළ හබරණ ලක්සිරිගම අරුණෝදය ගම්මානයේ කාන්තාව රක්‍ෂිත බන්ධනාගාර ගත වීම නිසා මියගිය සැමියාගේ දේහය භාර ගැනීමට වැඩිමහල් පුතා ඉදිරිපත් වුවද මිනී පෙට්ටියක් ගැනීමටවත් නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්වීම නිසා හබරණ පොලිසියත් හබරණ නගරයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු එක්ව දේහය තැබීමට පෙට්ටියක් හා අනෙකුත් කටයුතු සඳහා විය හියදම් ලබා දීමේ උතුම් කටයුත්තක් පසුගියදා (18දා) සිදුවිය.
එසේ මියගිය නෙළුම්කන්දේ සංජීව විතානගේ (46) නමැත්තාගේ අවසන් කටයුතු සිදුකෙරුණු පසුගියදා (19දා) දිනයේ මළ ගෙදරට පැමිණෙන සියලු දෙනා සඳහා දිවා ආහාරය ලබා දීමට හබරණ පොලිසිය කටයුතු කළේ එම දරුවන්ගේ අසරණ බව සැලකිල්ලට ගැනීමෙනි. වයස අවුරුදු 21ක වැඩිමහල් පිරිමි දරුවා දේහය භාර ගැනීමට ඉදිරිපත් වුවත් ඔහු සන්තකයේ රුපියල් 50ක් වත් තිබී නැත. හබරණ පොලිසියේ ස්ථානාධිපති වසන්ත පිටිගල මහතා නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකුගේ ද සහාය ඇතිව මිනී පෙට්ටිය ගැනීමටත් අනෙකුත් කටයුතු කර දීමටත් ඉදිරිපත් විය.

මව රක්‍ෂිත බන්ධනාගාරයේය. අවුරුදු 7ක, 11 හා 15ක මෙන්ම 21 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනාත් ගැහැනු දරුවන් දෙදෙනාත් අසරණව සිටින අවස්ථාවේ ඔවුන් බලා ගැනීම සඳහා මාතර සිට ඔවුන්ගේ ආච්චි අම්මා ගෙන්වා දීමට ද පොලිසිය කටයුතු කර තිබේ. මෙම පවුලේ අසරණකම වෙනුවෙන් පෙනී සිටි හබරණ පොලිසියේ ස්ථානාධිපති වසන්ත පිටිගල මහතා ඇතුළු සියලු දෙනාට ප්‍රදේශවාසීහු මුව නොසෑහෙන්නට ප්‍රශංසා කළහ.

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon