මෙරට සෞඛ්‍ය සේවය නංවන්න තවදුරටත් සහාය

  👤  3592 readers have read this article !
By mawbima 2017-11-21

උදයන්ති මුණසිංහ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමට තවදුරටත් සහයෝගය ලබාදෙන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී. නද්දා (බ්. ර්ථී. ව්චඤඤච) පවසයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පසුගියදා රුසියාවේ මොස්කව් නුවරදී පැවැති සුහද හමුවකදී ඔහු මේ බව සඳහන් කොට ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධාන කළ මොස්කව්හිදී පැවැති ක්ෂය රෝගය තුරන් කිරීම පිළිබඳ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුවෙන් පසු මේ සුහද හමුව සංවිධාන කොට තිබිණි.
එහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීව සඳහා ඉන්දියාවෙන් ලැබෙන දායකත්වය අගය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක ඉන්දීය ගිලන් රථ සේවාව පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon