ඇතැම් අය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රාදේශීය පරිපාලනයට එකතු වෙන්න හදනවා

  👤  3399 readers have read this article !
By mawbima 2017-11-21

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

ප්‍රාදේශීය පරිපාලනයට එන රාජ්‍ය නිලධාරීන් තම පෞද්ගලික අවශ්‍යතාවන් හා ආශාවන් පසෙක තබා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත්, ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමටත් සූදානම් විය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට අතිවිශාල වගකීමක් පැවරෙනවා. ඉදිරියේ දක්ෂතාව හා කැපවීමෙන් වැඩ කළ හැකි අය පමණක් ප්‍රාදේශීය පාලනයට බඳවා ගැනීමට කටයුතු කළ යුතු යැයි අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය. කොළඹ ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේදී ආරම්භ කරනු ලැබූ දිසාපතිවරුන්ගේ සමුළුවට ඉකුත්දා සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon