අපේ නිදහස් සෞඛ්‍ය සේවාවේ හොඳ වගේම නරකත් අපි දන්නවා

  👤  3379 readers have read this article !
By mawbima 2017-11-21

පරිපූරක, අතුරු වෛද්‍ය, රසායනාගාර මෙන්ම සෞඛ්‍ය සේවයේ තිබෙන සෑම අංශයක්ම රටේ ජනතාව වෙනුවෙන් ඉහළ සේවාවක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීම් සහ පර්යේෂණ ඔස්සේ ලබන කායික මානසික ජයග්‍රහණයත් සමඟ ප්‍රබුද්ධ මනසක් ඇති සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිවන බවද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොස්වත්ත ම්ධ්උ විශ්වවිද්‍යාලයේ ඊයේ (20දා) පැවැති වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ වාර්ෂික විද්වත් සමුළුව ආමන්ත්‍රණය කරමිනි.

විශිෂ්ට සේවාවක නිරත වූ වෛද්‍ය රසායනාගාර සේවාවේ වෘත්තිකයන් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මෙම සමුළුව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද අදහස් දැක්වීය.

අද මුළුමහත් ලෝකය ගත්විට තාක්ෂණය සමඟ විද්වත් සමාජය තුළ දවසින් දවස ඉදිරියට යෑමේදී වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීම් සහ පර්යේෂණ සමඟ සැමවිටම මිනිස් සමාජය ඉදිරියට යනවා. එහිදී කායික මෙන්ම මානසික සෞඛ්‍ය පිළිබඳව ලබන ජයග්‍රහණයන් සමඟ වඩාත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් තුළ ප්‍රබුද්ධ මනසක් ඇති යහපත් මිනිස් සමාජයක් ගොඩනඟන්න මේ සියලු පසුබිම් වඩාත් ඉවහල් වෙනවා. එවැනි අවස්ථාවක තමයි ඔබත් මමත් සියලුදෙනාම එක්වන්නේ. අපේ රටේ වෛද්‍ය රසායනාගාර සේවයේ වෘත්තියවේදීන් සඳහා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම් උසස් කරන්න, විශේෂයෙන්ම උපාධිධාරීන් ලෙස පත්වෙන්න ඒ භාග්‍ය ලබන්න අවශ්‍ය මාර්ගය සකස් වී තිබෙනවා. සෑමවිටම වෛද්‍ය ක්ෂේත්‍රය වේවා අන් කුමන ක්ෂේත්‍රයක් වේවා ඒ සෑම අංශයකින්ම රටකට වැදගත් වන්නේ උගතුන් බිහිවීමයි. ඒ තුළ වෛද්‍ය රසායනාගාර සේවයේ යෙදී සිටින ඔබ වෘත්තීන් පමණක් නෙවෙයි වෘත්තීයවේදීන් විදියට ඉදිරියට යන්න භාග්‍ය ලැබිලා තියෙනවා. මා රජය විදියටත් පෞද්ගලිකවත් අවුරුදු 5ක කාලයක් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ලබාගත් අත්දැකීම් සමඟ සෞඛ්‍ය සේවයේ සිටින බොහෝ අය සමඟ තියෙන සමීප සබඳතාවත් එක්ක සෞඛ්‍ය සේවය වඩ වඩා දියුණු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අපිට ගත හැකි සෑම පියවරක්ම ගනු ලබනවා. ඒ පසුබිම් වූ ප්‍රධාන කරුණු මත රසායනාගාර සේවයේ කටයුතු කරන ඔබ වැනි පිරිස් තුළින් ඔබේ දැනුම උගත්කම වර්ධනය වීමත් තව පැත්තකින් වඩා මානුෂීය වූ සේවාවන් සඳහා කැපවීමත් සමඟ මේ ක්ෂේත්‍රයට වඩා වටිනාකමක් දෙන්න ඇති කර ගත යුතු මානව සබඳතාව ඉතාම වැදගත්.
අපේ නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබෙන යහපත් කරුණු වගේම යම් යම් දුර්වලතාවන් සහ අඩුපාඩුකම් අපි දන්නවා. අපේ සෞඛ්‍ය සේවාව පිළිබඳ ලෝකයේ ඉහළ පිළිගැනීමක් තිබෙන බව අපි දන්නවා. සෞඛ්‍ය සේවාව ගැන තිබෙන ප්‍රමිතිය අද අන්තර්ජාතික වශයෙන් තිබෙන පිළිගැනීම අප කාටත් ගෞරවයක්. පරිපූරක, අතුරු වෛද්‍ය සේවාව ඒ සෑම අංශයක්ම නිදහස් සෞඛ්‍ය සේවාවේ වටිනාකමක් ලබාදෙන්න ජනතාව වෙනුවෙන් ඉහළ කැපවීමක් සිදුකරනවා. ඒ පිළිබඳ රටේ ජනතාවගේ ගෞරවය මේ සෑම කෙනකුටම ලැබෙනවා.

පහන් විජේසේකර
ඡායා - සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon