නිල කාලය අවසානයේදී සමත්-අසමත් ලකුණු බලාගත හැකියි

  👤  3581 readers have read this article !
By mawbima 2017-11-22

වත්මන් රජය බලාපොරොත්තු වන ඉලක්ක සම්පූර්ණ කිරීම පිළිබඳව සමත්ද අසමත්ද කියා කිසිවකුට තවම සහතික දීමට නොහැකි බවත් තම රජයේ නිල කාලය අවසන් වන විට ඒ සහතිකයට අදාළ සමත් ලකුණු ලබා ගැනීම සඳහා අවශ්‍ය බොහෝ සාධක හා දත්ත සාක්කි සහිතව ප්‍රදර්ශනය කිරීමට හැකි වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

රට වෙනුවෙන් තමා ජාත්‍යන්තරය දිනා ගන්නේ කෙසේද යන ඉලක්කය සමඟ මීට වසර 3කට පෙර ආණ්ඩුවෙන් එළියට පැමිණි බවද ජනාධිපතිවරයා සිහිපත් කරයි.
ආණ්ඩුවෙන් එළියට පැමිණි අවස්ථාවේදී දේශපාලන වේදිකාවේ, පාර්ලිමේන්තුවේ මෙන්ම ජනමාධ්‍යයේ කතාබහට ලක්වූ යුද අධිකරණ, විදුලි පුටු, විදේශීය විනිසුරුවන් ආදී සියල්ලක්ම නැති කර දැමූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමනාකාරයේ විවේචන එල්ල වුවද තමා යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමෙහිලා මූලික අඩිතාලම දැමීම පිළිබඳ සතුටු වන බවද සඳහන් කළේය.

"මට පෙර ආණ්ඩු කරපු අය අධිකරණයට ඇමතුම් ලබාදී පාවිච්චි කරපු හැටි, නඩු තීන්දු දීපු ආකාරය, නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරපු ආකාරය මොනතරම් දූෂිතදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

මීට වසර තුනකට පෙර හරියටම අද වැනි දවසක වෙනසක් උදෙසා පැවැති රජයෙන් එළියට පැමිණි බවත් අද එම වෙනස උදෙසා බොහෝ දේ ඉටු කර තිබෙන බවත් ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේ මෙගාවොට් 100ක සූර්ය බල ශක්තිය එක් කිරීම සනිටුහන් කරමින් ඊයේ (21දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති උත්සවය අමතමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon