බැඳුම්කර හොරුන්ට දඬුවම් ඉක්මන් කරන්න

  👤  3502 readers have read this article !
By mawbima 2017-11-22

කොමිසම හමුවේ හෙළිදරව් වූ වැදගත් සාක්ෂි පදනම් කර ගනිමින් මහ බැංකු බැඳුම්කර මගඩියට සම්බන්ධ සියලු වරදකරුවන්ට නීත්‍යනුකූලව දඬුවම් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසට ශ්‍රී ලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) රාත්‍රි පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ යෝජනාව ගෙනඑන බව නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවැසීය.

යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කළ ශක්තිමත් බැඳුම්කර කොමිසමෙන් මෙරට සිදුවූ විශාලතම මුදල් වංචාව පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකිවූ බවත් ජනතාවගේ එකම බලාපොරොත්තුව වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීම බැවින් එය ඉටු කිරීම එකම අරමුණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon