යාපනයේදී කඩුවලින් කොටා ගත් 11 දෙනකු අත්අඩංගුවට

  👤  3471 readers have read this article !
By mawbima 2017-11-22

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, මුලතිව්-ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනයේ මෙතෙක් සිදුවූ කඩුවලින් කොටා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් 11 දෙනකු පසුගියදා (19දා) උදෑසන වන විට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාද මෙම අත්අඩංගුවට ගැනීම්වලදී සෘජුවම සහාය දක්වා ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නිවෙස් කරාද නියෝජ්‍ය පොලිස්පතිවරයා සෙසු පොලිස් නිලධාරීන් සමඟ ගොස් ඉදිරි මෙහෙයුම් හා පරීක්‍ෂණ කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 11 දෙනා යාපනය විනිසුරුවරයාගේ නිල නිවෙසට රැගෙන ගොස් ඉදිරිපත් කොට ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු යොදා තිබිණි.
ඡායාරූපවල දැක්වෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාද සෝදිසි මෙහෙයුමක නිරතව සිටිමින් උපදෙස් දුන් ආකාරය හා එවැනි ස්ථානයකට යාපනයේ මාධ්‍යවේදීන් පිරිසක් පැමිණ සිටි අවස්ථාවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon