යාපනයේ තොණ්ඩමානාරුවලදී ධීවරයන්ට ඉන්දීය බෙහෙත් ද්‍රව්‍ය තොගයක් හමුවෙලා

  👤  3253 readers have read this article !
By mawbima 2017-11-22

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ ධීවරයන් පිරිසකට මුහුදේ පාවෙමින් ගොඩගසමින් තිබුණු ඉන්දීය බෙහෙත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පසුගියදා (19දා) හමු වී ඇති අතර ඔවුන් ඒ පිළිබඳව පළාතේ ධීවර අධ්‍යක්ෂවරයාව දැනුවත් කොට තිබේ. යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. ශිවකරන් මහතා කියා සිටියේ කිසියම් හේතුවක් මත ඉන්දීය ධීවරයන් පිරිසක් විසින් රැගෙන එන ලද මේ බෙහෙත් ද්‍රව්‍ය තොගය ඔවුන් විසින් මුහුදට දමන්නට ඇති බවයි.

එම බෙහෙත් අඩංගු පාර්සල්වල සඳහන්ව ඇත්තේද ඉන්දියානු ලිපිනයන් කීපයකි. යාපනය ධීවර අධ්‍යක්ෂවරයා මේ පිළිබඳව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත තොරතුරු දැනුම් දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon