ඒකාබද්ධය ශ්‍රී ලනිපය සමඟ එක්වූවත් එජාපය දිනනවා

  👤  3335 readers have read this article !
By mawbima 2017-11-22

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම මේ වන විට 95%ක් පමණ අවසන් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
එහිදී තරුණ තරුණියන් සහ විශේෂයෙන්ම කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා විශේෂයෙන් අවධානය යොමුකළ බවද හෙතෙම කීය.
එළැඹෙන මැතිවරණය ජයග්‍රහණය සඳහා පියවර හතරක් ඔස්සේ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බව පැවැසූ හෙතෙම මෙවර මැතිවරණයේදී එජාපයට විශිෂ්ට ජයක් අපේක්ෂා කරන බවද කීය.

ඕනෑම මැතිවරණයක් අභියෝගයක් බව පැවැසූ ඇමැතිවරයා ශ්‍රී ලනිප හා ඒකාබද්ධ විපක්ෂය එකට එක්වී තරග කළද එය තම පක්ෂයේ ජයග්‍රහණයට බලපෑමක් නොවන බවත් එජාපයේ ඓතිහාසික මැතිවරණ දත්ත මඟින් එය ඔප්පු වී ඇති බව වැඩිදුරටත් පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ (21දා) අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon