කෝප් කමිටු සාමාජිකයන්ගේ ඇමැතුම්වලින් වරදක් වෙලා නම් නීතිය ක්‍රියාත්මක කරන්න

  👤  3265 readers have read this article !
By mawbima 2017-11-22

අනුරාධා හේරත්

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව පැන නැඟී ඇති කොප් කමිටු සාමාජිකයන්ගේ දුරකතන ඇමතුම් හරහා වරදක් සිදුව ඇත්නම් ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී. හැරිසන් පවසයි.

ඊයේ (21දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය. අදාළ දුරකතන සංවාද මේ වන තෙක් හඳුනාගෙන නොමැති බවත් ඉන් අවැඩක් සිදුව ඇත්නම් ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඇමැතිවරයා කීය.

කෙසේ නමුත් කෝප් කමිටු වාර්තාව හා අධිකරණය දෙකක් බැවින් අධිකරණ තීන්දුව ලබා දෙන තුරු කිසිවක් පැවසිය නොහැකි බව හැරිසන් මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ බැඳුම්කර විමර්ශනය පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා අතට පත්වීමෙන් අනතුරුව එය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙහි වරදක් වූවාද නැද්ද යන්න පිළිබඳව සියලු දෙනාට දැනගත හැකි වනු හෙයින් කලබල නොවී සිටිය යුතු බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon