කොමිසමක් වෙත වාර්තා කිරීමෙන් මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩවන්නේ නෑ

  👤  3274 readers have read this article !
By mawbima 2017-11-22

දෙනගම ධම්මික රණවීර

මන්ත්‍රිවරුන්ගේ ක්‍රියාකලාපයන් යම් අයුතු හා නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ යැයි සැක ඇති අවස්ථාවක ඊට සම්බන්ධ සියලු තොරතුරු හා සන්නිවේදන පරීක්ෂා කර බැලීම හා අදාළ අධිකාරියක් වෙත හෝ කොමිසමක් වෙත වාර්තා කිරීම මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම ජනාධිපති කොමිෂන් සභාව විසින් එබඳු පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් දුන් පසුව පැහැර හැරියහොත් එය සියලු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාදවලට සිදුවන හානියක් බවද හෙතෙම පවසයි.

එම පරීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරියාට විරුද්ධව පොලිසියේ ඉහළ නිලධාරීන් විසින්
පරීක්ෂණයක් සිදුකරන බවද සඳහන් කරන වාසුදේව නානායක්කාර මහතා එය සෘජු ලෙසම බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට අභියෝග කිරීමක් බවද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. කොමිසමේ නියමයට අනුව ක්‍රියා කළ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කිරීමට නියම කළේ පොලිස්පතිවරයාද නැතහොත් ඊට ඉහළ තැනකින්ද යන්න පිළිබඳවද ඊයේ (21දා) නිකුත් කළ එම නිවේදනයෙන් ප්‍රශ්න කර සිටියි.

රවි කරුණානායක මහතාට අර්ජුන් ඇලෝසියස් විසින් නිවෙසක් මිලදී ගැනීම ගැන සාක්ෂි දුන් අනිකා විජේසූරියට එල්ල වූ තර්ජන හමුවේ ඇයට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවද වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටී. ජනාධිපතිවරයා පත්කර ඇති කොමිසමක ක්‍රියාකාරිත්වයට මේ ආකාරයෙන් තර්ජන එල්ල වන්නේ නම් රටේ තත්ත්වය භයානක තැනකට පත්වෙමින් තිබෙන බව නිසැක යැයි එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon