බැඳුම්කර කොල්ලය සියලුදෙනාම එකතුවී කළ බව අගමැතිගේ සාක්කිවලින් පැහැදිලියි

  👤  3391 readers have read this article !
By mawbima 2017-11-22

මැතිවරණ කල් දැමීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාවක් බවත්, පෙත්සම් යොමු කළ හාලි ඇළ පුද්ගලයා කටුගහ රත්නායක නමැත්තෙක් වන අතර ඔහු ඩිලාන් පෙරේරාගේ දේශපාලන සගයෙක් බවත්, නුවර පුද්ගලයා අසංග ‍ෙදාඩන්වලගේ දේශපාලන ව්‍යාපාරය සිදුකළ තැනැත්තා බවත්, ඇඹිලිපිටියේ පුද්ගලයා ශ්‍රී ලනිපයෙන් මැතිවරණයට පෙනී සිටීමට ඉල්ලුම් කළ පුද්ගලයෙක් වන අතර ඔහු ගෙයින් ගෙට ගොස් තම මැතිවරණ ව්‍යාපාරය සිදු කළ පුද්ගලයෙක් බවත් මේ අනුව පළාත් පාලන මැතිවරණයට එරෙහිව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේද ශ්‍රී ලනිප ආධාරකරුවන් බවත් ඒ අනුව ඍජුවම මේ මැතිවරණ කල්දැමීමේ ක්‍රියාවලියේ නිරත වී සිටින්නේ ශ්‍රී ලනිපය බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මැතිවරණ ජයග්‍රහණයේ වැඩි බරක් එක්සත් ජාතික පක්ෂයට හිමි වීමේ අවකාශයක් පවතින්නේ දැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.

මැතිවරණ පැවැත්වීමකින් තොරව එය ප්‍රකාශ කළ නොහැකි බවත් බැඳුම්කර කොමිසමේදී අගමැතිතුමා දුන් සාක්ෂි සලකා බලන විට බැඳුම්කර මංකොල්ලය සියලු දෙනා එකතු වී කරපු හොරකමක් යැයි කළ ප්‍රකාශය බොරුවක් නොවිය යුතු බවත් පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ මැතිවරණ
නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධ වී ඊයේ (21දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය.
පෙත්සම්කරුවන් 6 දෙනෙක් යොදවමින් මොවුන් මේ සිදු කරන්නේ සැලැසුම් සහගත දේශපාලන ක්‍රියාවලියක්. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මේ මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාව කොට්ඨාස පිළිබඳ ගැසට් පත්‍රයේ සෝදුපත් බලන අවස්ථාවේ සිටම පැවැතුණා.

දේශපාලන පක්ෂ මැතිවරණයට සූදානම් වන තුරු රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උපක්‍රමිකව කල් දමා ගැනීම ඉතාම වැරැදි සහගතයි.
ඒ වගේම ශ්‍රී පාද අඩවිය සම්බන්ධව ඇති වී ඇති තත්ත්වය විහිළු සහගතයි. ශ්‍රී පාද අඩවිය අයිතිවන්නේ ප්‍රශ්නගත මධ්‍යම පළාතට හෝ නුවරඑළියට හෝ අඹගමුව ප්‍රාදේශීය සභාවට නෙවෙයි. බුදු හාමුදුරුවන්ගේ කැමැත්තත්, සමන් දෙවියන්ගේ කැමැත්තත් තිබී ඇත්තේ ශ්‍රී පාද අඩවිය සබරගමු පළාතේ තිබීමටයි. නමුත් අද සිදුව ඇත්තේ මැතිවරණයත් සමන් දෙවියන්ටම භාරදීමටයි.

අද වන විට මැතිවරණයට විරුද්ධ කිසිවෙක් නැහැ. සියලුම දෙනා කැමැතියිලු. අධිකරණයට ගියා කියලා දන්නෙත් නැහැලු. මෙවැනි තත්ත්වයක් මත දෙවියන්ට මැතිවරණ භාරදීමේ වැරැද්දක්ද නැහැ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
ඡන්ද කල් තැබීමට දැනට වසර දෙකහමාරක කාලයක් ගත වෙමින් පවතිනවා. මඩකළපුවේ අවසන්වරට ඡන්දය පවත්වා තියෙන්නේ 2008 වසරේ. පුදුකුඩුඉරිප්පු මුහුදුබඩපත්තුවල ජනතාවට 1970න් පස්සේ මැතිවරණ පවත්වල නැහැ. මෙවැනි තත්ත්වයක් පවතිද්දී කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්වීමට කටයුතු කිරීම ඉතා හොඳ තත්ත්වයක්. නමුත් එය කල් තැබීමට කටයුතු කිරීම බරපතළ ගැටලුවක්.

පළාත් සභා මැතිවරණ සභික ප්‍රමාණය අද දෙගුණයක් වෙලා තියෙනවා. එවැනි තත්ත්වයක් මත මාර්තු 12 ව්‍යාපාරය මඟින් අපේක්ෂකයන් තෝරා ගැනීමේ නිර්ණායක රටට කියන්න කියලා අපි සියලු දේශපාලන පක්ෂ දැනුවත් කළා. නමුත් තවම කිසිවෙක් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වල නැහැ. නමුත් නැවත දූෂිත පිරිසක් හෝ කොන්ත්‍රාත්කරුවන් පිරිසක් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරනවා නම් අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා.
අනූෂා රාජපක්ෂ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon