හුනුපිටිය දුම්රිය හරස් මඟේ ගැටුණු ලොරි දෙක දුම්රියේත් හැපිලා

  👤  3283 readers have read this article !
By mawbima 2017-11-22

කැලණිය _ කුසුම් එස්. හැන්නදි

කොළඹ _ නුවර ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුනුපිටිය දුම්රිය හරස් මඟේදී ඊයේ (21දා) උදෑසන 6.05ට පමණ ලොරි රථ 2ක් දුම්රිය හරස්මඟ මතදීම එකට ගැටීමෙන් වූ රිය අනතුරක් නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය පැය 2 1/2ක පමණ කාලයක් ඇනහිට තිබිණි. ඉදිරිපසින් ගමන් කළ ධාවනයට නුසුදුසු අබලන් වූ වාහනයක් නිසා මාර්ගය අවහිරව තිබී ඇති අවස්ථාවේ පාසල් වෑන් රථයක් පැමිණ මාර්ග නීති කඩකරමින් ඉස්සර කර ධාවනය කිරීමට යෑම හේතුවෙන් ලොරි රථ දෙක දුම්රිය මාර්ගයේ සිරවී ඇත.

හුනුපිටිය දුම්රිය මාර්ගයේ ගේට්ටු මුරකරු සිද්ධිය වන අවස්ථාවේ දුරකතන ඇමතුමක සිටි බවත් යාල්දේවී ශීඝ්‍රගාමී දුම්රිය දුම්රිය හරස් මඟේ සිරව තිබූ ලොරි රථ දෙකේ ගැටුණු බවත් සිද්ධිය ඇසින් දුටු අය පැවසූහ. අනතුර වළකා ගැනීමට ඔහු කිසිදු කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගත් බවත් දුරකතන ඇමතුමේ රැඳී නොසිට මාර්ගය පිළිබඳව අවධානයෙන් ඔහුගේ වගකීම ඉටුකළේ වී නම් මෙම අනතුර වළක්වා ගත හැකිව තිබූ බවත් සිද්ධිය ඇසින් දුටු පිරිසද, අසල්වාසීහුද අනතුරට පත් ලොරි රථ දෙකේ රියැදුරෝද පැවසූහ.
රියැදුරන් දෙදෙනා රථවලින් බිමට පැන සිය දිවි බේරාගෙන ඇත.
කිරිබත්ගොඩ පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon