ගිංතොට වැනි සිද්ධි වැළැක්වීමට සර්ව පාර්ශ්වික කමිටුවක් පත් කරන්න

  👤  3254 readers have read this article !
By mawbima 2017-11-22

පසුගියදා ගිංතොට ඇතිවුණු ප්‍රශ්නය මෙන් තවත් සිදුවීම් ඉදිරියේදී ඇතිවීමට නියමිත බැවින් එම ප්‍රශ්න විසඳීමට වහාම සර්ව පාර්ශ්වික කමිටුවක් පත් කරන ලෙස බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

ඊයේ (21දා) නාවල පිහිටි බොදුබල සේනා කාර්යාලයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
ගිංතොට සිදුවීම පිටුපස සිටින්නේ දේශපාලන හස්තයන් බවත්, මේ සම්බන්ධයෙන් බොදුබල සේනාව දන්නා සත්‍ය තොරතුරු, වහබ්වාදී කල්ලි සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමට අඩුම තරමින් කමිටුවක් හෝ පත්කරන ලෙස ඥානසාර හිමියෝ මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි,

මේ ගොඩනැඟෙමින් තියෙන අවාසනාවන්ත තත්ත්වය වහා රටට හෙළි කළ යුතුයි කියලා අපි බරපතළ විදියට ප්‍රකාශ කරනවා. ප්‍රශ්න විසඳන්න තියෙන මාර්ගය ගැටුම සහ ප්‍රචණ්ඩත්වය නෙමෙයි. සිංහල, මුස්ලිම්, දෙමල පිරිස් ජීවත් වෙන ඕනෑම සමාජයක ගැටුම් ඇති වෙන්න පුළුවන්. මොකද හැමෝම පෘථග්ජන මිනිස්සු ඉන්නේ. හැමදාම සිංහලයාට වෙන්නේ අසාධාරණයක්. සිංහලයා තමයි හැමදාම ගුටිකන්නේ, බැනුම් අහන්නේ, හිරේ යන්නේ.

අපිට මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් නැහැ. පොදුවේ මේ රටේ කවුරුත් මිනිස්සු. මේ රටේ මුස්ලිම් අන්තවාදය ගැන තමයි අපිට ප්‍රශ්නය තියෙන්නේ. අපි නිහඬව ඉන්නවා කියන්නේ බයට ඉන්නවා නෙමෙයි.

මේ ආණ්ඩුවේ ප්‍රධාන තේමා පාඨය සංහිඳියාව. රනිල් කට ඇරියොත් කියන්නේ සංහිඳියාව ගැන. සංහිඳියාව කියන්නේ සැමට ගුටි කෑමද, ඕනිම තක්කඩිකමක් සිංහලයෝ ඉවසීමද කියලා අපි අහනවා. චන්ද්‍රිකා අත්තම්මා සංහිඳියා ඒකකයක් හදලා තියෙනවා. ඇය සංහිඳියාව හදන්න කතා කරන්නේ තක්කඩින්ට.
මේ ප්‍රශ්නය වහා ගිනි ඇවිළෙන සුලුයි. මේක සාකච්ඡා කරලා විස¼දාගත යුතුයි. අවාසනාවකට මේ රටේ දේශපාලකයන් කැමැතියි මේ ප්‍රශ්න තවත් දිග්ගැස්සෙනවාට. ඒ ඒ සමාජවල වීරයෝ වෙන්න තමයි ඔවුන් හදන්නේ. ඒ වගේ තුච්ඡ, තුප්පහි, පාදඩ, තර්ඩ් ක්ලාස් දේශපාලනයක යෙදෙන බහුතරයක් ඉන්න රටකයි අපි මේ අරගලය කරන්නේ. මුස්ලිම් නායකයන්ට අපි කියනවා විවෘතව මේ ප්‍රශ්නය කතා කරන්න එන්න කියලා.

චම්පික රණවකලා මෙහෙ මහ නගර හදනකොට, අම්මාගේ අප්පගේ බූදලේ වගේ බදියුදීන් මුලතිව්වල මන්නාරමේ කැලේ කපනවා. බදියුදීන්ට අපි කියනවා නතර වෙයන් කියලා. දැන් ඇති ඔහු මහින්දත් රැවැට්ටුවා, රනිල්වත් රවට්ටනවා, මෛත්‍රිපාලවත් රවට්ටනවා.
ඒ වගේම තමයි අද රටේ මාධ්‍යවල මේවා සම්බන්ධයෙන් ශාන්තව කතා කරනකොට ඒවාට ඉඩක් දෙන්නේ නැහැ. නමුත් ගලක් අරගෙන ගැහුවොත් ඒක මුල් පිටුවේ දාන්න තරම් ප්‍රවෘත්තියක්.

මාධ්‍ය ඔස්තාර්ලා. හිතාගෙන ඉන්නේ ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා. මහින්දගේ ඔඩොක්කුවේ ඉ¼දගෙන ඉන්න මිනිහෙක්. පෑනෙන් ජීවිත විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මේක මාධ්‍යයට කරන තර්ජනයක් නෙමෙයි.

බලය තියෙන කාලේ කිසිම දේශප්‍රේමයක් මහින්දලාට තිබුණේ නැහැ. බලය තියෙනකොට බලයෙන් මත් වුණා. බලයෙන් මත් වෙලා මහ රජ්ජුරුවෝ වුණා. මහින්දට ප්‍රශස්ති කියපු කෙනෙක් තමයි චන්ද්‍රපේම. ඔහු නිවැරැදි කළ නොහැකි තරමේ ප්‍රබන්ධයක් ලිව්වා. අපි අභියෝග කරනවා චන්ද්‍රපේ්මට නෝර්වේ කුමන්ත්‍රණය හෙළි කරන්න කියලා.
උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon