රිනවුන්, 9 වැනි ජයත් වාර්තා කරයි

  👤  3492 readers have read this article !
By mawbima 2017-11-22

විචිත්‍ර වීරසිංහ

බ්ලූ ස්ටාර් කණ්ඩායම ගෝල 4-0ක් ලෙස පරාජයට පත්කරමින් ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේදී 9 වැනි ජයග්‍රහණය වාර්තා කරගැනීමට රිනවුන් කණ්ඩායම සමත්වූ අතර, පෙලිකන්ස් කණ්ඩායම විසින් ගෝල 3-0ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කිරීම කැපී පෙනිණි.
කැලණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති රිනවුන් හා බ්ලූ ස්ටාර් තරගයේදී 45 වැනි විනාඩියේදී එම්.එම්.එම්. අසාත් විසින් ලබාගත් ගෝලය හේතුවෙන්
පළමු භාගය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට රිනවුන් කණ්ඩායමට හැකි විය. දෙවැනි භාගයේදී නැවතත් ක්‍රියාත්මක වූ එම්.එම්.එම්.අසාත්, ජොබ් මයිකල් සහ එම්.සී.එම්. රිෆ්නාස් ලැබූ ගෝල හේතුවෙන් කිසිදු අපහසුවකින් තොරව ජයගැනීමට රිනවුන් කණ්ඩායමට හැකිවිය.

මේ අතර පසුගිය සති අන්තයේදී පැවැති අනෙක් තරගවලදී නිගම්බු යූත් කණ්ඩායම වෙතින් ගෝල 2-1ක් ලෙස අප්කන්ටි්‍ර ලයන්ස් කණ්ඩායමත්, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම වෙතින් ගෝල 1-0ක් ලෙස ජාවාලේන් කණ්ඩායමත් පරාජය ලබද්දී මාතර ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙතින් ගෝල 1-0ක් ලෙස නිව් යං කණ්ඩායමත් පරාජය ලබා තිබිණි.
තවද සුපර් සන් කණ්ඩායම වෙතින් ගෝල 3-1ක් ලෙස ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම පරාජය ලැබූ අතර, සෝන්ඩර්ස් හා කලම්බු එෆ්.සී. තරගය ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් විය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon