රංසිකට යොවුන් ලෝක කුසලානයත් මඟ හැරෙන ලකුණු

  👤  3252 readers have read this article !
By mawbima 2017-11-22

විචිත්‍ර වීරසිංහ

පසුගියදා නිමාවට පත්වූ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට සිටියද ආබාධයක් හේතුවෙන් අවසන් මොහොතේ
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වූ නිපුන් රංසිකට ලබන වසරේ ජනවාරි මාසයේදී නවසීලන්තයේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලානයද අහිමි වන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ සංචිතයේ ප්‍රමුඛ පෙළ වේගපන්දු යවන්නකු වන නිපුන් රංසිකට ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියට පෙර කොඳු ඇට පෙළේ ආබාධයක් ඇතිවී තිබූ අතර, එම ආබාධය හේතුවෙන් මාස 4ක් හෝ 5ක් පමණ රංසිකට විවේකීව ගත කිරීමට සිදුව ඇති බවද පැවැසේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ
කළමනාකරු වන මහින්ද හලංගොඩ මහතා "මව්බිම ට පැවැසුවේ මේ වනවිට 27 දෙනකුගෙන් යුත් සංචිතයක් යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා යවා ඇති බවත්, ඔහු පසුගියදා නිමාවූ ආසියානු කුසලානයට ක්‍රීඩා කළා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙයට වඩා දෙයක් කිරීමට ඉඩ තිබූ බවත්ය.

නිපුන් රංසිකට ඇති ශාරීරික ආබාධය පිළිබඳව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ භෞත චිකිත්සක සංජීව ගමගේ මහතාගෙන් "මව්බිම" කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙය කොඳු ඇට පෙළ ආශි්‍රතව පවතින ආබාධයක් බැවින් සුවවීමට යම් කාලයක් ගත වන බවය. "මෙවැනි ආබාධ තත්ත්වයන් වේගපන්දු යවන්නන්ට වෙනවා. මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කමිටුවේ වෛද්‍ය හරිඳු විජේසිංහ මහතාට යොමු කිරීමෙන් පසු ඒ මහතා එම්.ආර්.අයි. ස්කෑන් (ර්අධ්) එකක් හා සී.ටී. ස්කැන් එකක් කරලා රංසිකගේ කොඳු ඇට පෙළේ බිඳීම් දෙකක් වෙලා තියෙන බවට සහතික කරගත්තා. ඒ වගේම අපි එංගලන්තයේ ක්‍රීඩා වෛද්‍යවරයකු වන තමිඳු වෙදතිලක මහතාගෙනුත් උපදෙස් ලබාගත්තා. ඔහුගේ අදහස වුණෙත් රංසිකට යම් කාලයක් විවේකීව සිටීමට සිදුව ඇති බවයි.' යනුවෙන්ද ගමගේ මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon