දෙවැනි ටෙස්ට් තරගයේදී බුවනේෂ්වර් හා ධවාන් විවේක ගනිති

  👤  3255 readers have read this article !
By mawbima 2017-11-22

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ 24දා නාග්පූර්හිදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දීය පිලේ බුවනේෂ්වර් කුමාර් හා ෂිකර් ධවාන් ඔවුන්ගේ පෞද්ගලික හේතු මත නිදහස් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

බුවනේෂ්වර් කුමාර් ඔහුගේ විවාහය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත්තේ අනෙක් ටෙස්ට් තරග දෙකෙන් තමාව නිදහස් කර දෙන ලෙසය. ඒ අනුව 24දා ආරම්භ වන ටෙස්ට් තරගයේදී හා දෙසැම්බර් 2 වැනිදා දිල්ලිහිදී ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයෙන් බුවනේෂ්වර් කුමාර් ඉවත් වී ඇත.
කෙසේ වෙතත් ෂිකර් ධවාන් පෞද්ගලික හේතු මත දෙවැනි තරගයෙන් ඉවත්වුවද ඉන්දීය තේරීම් කමිටුවේ අවශ්‍යතාව මත තෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට දවාන් සූදානම්ව සිටී.
මේ අතර බුවනේෂ්වර් කුමාර්ගේ හිඩැස වෙනුවෙන් තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ෂංකර් ඇතුළත් කර ඇති අතර, ෂිකර් ධවාන් වෙනුවට ක්‍රීඩකයකු ආදේශ කර නොමැත.

දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කර ඇති ඉන්දීය සංචිතය _
විරාත් කෝලි (නායක),
අජින්ක්්‍යා රහනේ (උපනායක),

ලෝකේෂ් රාහුල්, මුරලි විජේ,
චෙතස්වර් පුජාරා, රෝහිත් ෂර්මා, විදර්මන් සහා, රවිචන්ද්‍ර අෂ්වින්,
රවීන්ද්‍ර ජදේජා, කුල්දීප් යාදව්, මොහොමඩ් සාමි, උමේෂ් යාදව්, ඉෂාන්ට් ෂර්මා, විජේ ශංකර්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon