ජනක තෙන්නකෝන් කපුකම ප්‍රතික්ෂේප කරයි

  👤  4262 readers have read this article !
By mawbima 2017-11-23

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමත් එකතු කිරීම සඳහා වන යෝජනා ගැන සාකච්ඡා කරන කමිටුවට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කිරීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයා කළ යෝජනාව, තෙන්නකෝන් මහතා ප්‍රතික්ෂේප කොට තිබේ.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජේ‍යෂ්ඨ උප සභාපතිවරයෙකි.
මහින්ද රාජපක්ෂ මහතා තෙන්නකෝන් මහතාගේ නම යෝජනා කර තිබෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.
ශ්‍රී ලනිපයේ විනය කමිටුව හමුවේ විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිටින පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා මහතා තමා, එම කමිටුවේ සාමාජිකයකු ලෙස පත්කරන්නැයි කළ ඉල්ලීමකට අනුව ඔහුවද පත් කර ඇතැයි වාර්තා වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon