යුද හමුදා කන්ටේනරයක් සමග ගෑස් කන්ටේනරයක් මල්වානේදී ගැටී දෙදෙනකුට තුවාල

  👤  3637 readers have read this article !
By mawbima 2017-11-23

රඹාවැව - කේ. ඒ. ජයසූරිය

වාරියපොළ-හලාවත මාර්ගයේ මල්වාන ප්‍රදේශයේදී ඊයේ (22දා) අලුයම නවතා තිබූ යුද හමුදාවට අයත් කන්ටේනරයක පිටුපසින් පැමිණි තවත් කන්ටේනරයක් ගැටීමෙන් දෙදෙනෙක් තුවාල ලැබූහ.

තිසාවැව යුද හමුදා කඳවුරට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය මාර්ගයේ වම් පස නවතා තිබූ බව පොලිසිය කියයි. අලුයම 4.30ට පමණ කෙරවලපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුරය බලා ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ අනෙක් කන්ටේනරය එහි ගැටීමෙන් අනතුර සිදුවිය.
අනතුරින් ගෑස් ප්‍රවාහනය කළ කන්ටේනරයට දැඩි ලෙස හානි සිදුවී ඇත. එහි සිරවී සිටි රියැදුරු සහ සහායකයා ඉවතට ගැනීමට අසල්වාසීන් මහත් පරිශ්‍රමයක් දරා ඇත. පැයක පමණ කාලයකට පසු තුවාලකරුවන් දෙදෙනා වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලකරා මාරු කර යැවීමට වාරියපොළ රෝහලේ වෛද්‍යවරු ක්‍රියා කළහ.

වාරියපොළ පොලිසියේ රථවාහන අංශය විසින් ඉදිරි පරීක්ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon