‘ආවා’ කල්ලි හා වෙනත් කල්ලි දමලා මහවිරු මාසේ ජනතාව බියවද්දන්න හදනවා

  👤  3656 readers have read this article !
By mawbima 2017-11-23

මුලතිව් - ශෂිකුමාර් /
ඕමන්ත - ශේෂලා අමරසිංහ

නොවැම්බර් මාසයේදී ආවා කල්ලි හෝ වෙනත් ආයුධ කල්ලිවල ක්‍රියාකාරකම් වැඩි වී ඇති හෙයින් මහවිරු සැමරුම් කඩාකප්පල් කොට ජනතාව බිය ගැන්වීම සඳහා කවුරුන් හෝ ක්‍රියා කරනවා දැයි සැකයක් ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේය.

මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (21දා) යාපනය මාධ්‍ය සමාජයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ,
දැන් උතුරු පළාතේ කඩු ගත් ආවා කල්ලි සහ එක එක කල්ලි වැඩිවෙලා. ළඟදී වැඩිවෙලා තියෙන්නේ. එහෙම බලනකොට නොවැම්බර් මාසයේ මේ ජනතාව බය කරන්න කවුරුහරි මේක කරනවාද කියල සැකයක් තියෙනවා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමඟ උතුරු පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවක් පැවැති අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ අත්අඩංගුවට ගත් සමහර සැකකරුවන්ගේ ජංගම දුරකතනවල තිබුණලු එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ ඡයාරූප. ඒක විහිළුවට තියාගෙන හිටියද මොන බම්බුවකට තියාගෙන හිටියද දන්නෙ නැහැ. එහෙත් මේ අයට හරියට දඬුවම් දීලා මේ කල්ලි විනාශ කළ යුතුයි. නැතිව එක එක දේවල් කියලා වැඩක් නැහැ. මිනිස්සුත් පොලිසියට හරියට ඔත්තු දෙන්න ඕන මේ කල්ලි ගැන. නැතිව පොලිසියටත් මේක තනියම කරන්න බැහැ. කොහොමහරි මේ කල්ලි සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනෑ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon