අපරාධ රැසකට යොදාගත් යතුරුපැදියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

  👤  3622 readers have read this article !
By mawbima 2017-11-23

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය කන්කසන්තුරේ මාර්ගයේ නිවෙසක් සෝදිසි කළ යාපනය කෝපායි පොලිසිය අපරාධ ක්‍රියා සඳහා යොදාගෙන ඇති බවට සැක කෙරෙන යතුරුපැදියක්, කඩුවක් හා සැකකරුවකු ඊයේ (22දා) දහවල් අත්අඩංගුවට තිබේ.

මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මෙම නිවෙස පරීක්ෂා කොට තිබේ.
මේ දිනවල යාපනයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා රැසකටම මොහු සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 26ක මෙම සැකකරුගේ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනයේ අපරාධ සඳහා එම යතුරුපැදිය භාවිත කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සැකකරුව යාපනය දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝගයක් ලබාගෙන කෝපායි හා යාපනය පොලිසිවල සහාය ඇතිව සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon