වයඹ වනජීවී අධ්‍යක්ෂට වහාම මාරුවක්

  👤  3134 readers have read this article !
By mawbima 2017-12-06

සපුමල් ජයසේන

වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.ගල්ගමුව දළ පූට්ටුවාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ කටයුතු ස්වාධීනව සිදුකිරීම සඳහා ඔහුට මෙම ස්ථාන මාරුව ලබාදුන් බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.
ඒ අනුව වයඹ කලාපය භාරව සිටින වනජීවී සහකාර අධ්‍යක්ෂවරයාට කොළඹට මාරුවක් ලබාදී ඇත.

ගල්ගමුව දළ පූට්ටුවාගේ ඝාතනයට කිසියම් වනජීවී නිලධාරියකු සහාය ලබාදී ඇත්නම් හෝ සතාට ආරක්ෂාව ලබා දීමේදී රාජකාරිය පැහැර හැර ඇත්නම් තරාතිරම නොබලා අදාළ නිලධාරීන් හට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බව ඒ පිළිබඳව අප කළ විමසීමකදී වනජීවී අමාත්‍යවරයා 'මව්බිම'ට ඊයේ (5දා) පැවැසීය.
දළ පූට්ටුවාගේ අතුරුදන්වීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී උදාසීනව කටයුතු කළ බවටත් එයට ප්‍රමාණවත් සහායක් ලබා නොදුන් බවටත් වයඹ කලාපය භාර සහකාර වනජීවී අධ්‍යක්ෂවරයාට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon