ඒකාබද්ධයට ගිය ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ගේ ධුර අහෝසි කරනවා

  👤  3202 readers have read this article !
By mawbima 2017-12-06

සිදත් මෙන්ඩිස්

පක්ෂයේ විනය කඩකිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුර අහෝසි කිරීමට කටයුතු කරන බව එම පක්ෂයේ උප ලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් කටයුතු කරන ආකාරය පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් පසුව ඉහළ තැන සිට පහළ තැන දක්වා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් නිදහස් පක්ෂයෙන් ඡන්දය ලබාගෙන වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයේදී එම මන්ත්‍රි කණ්ඩායම ප්‍රාදේශීය වශයෙන් සිදුකරනු ලබන ප්‍රකාශ අධ්‍යයනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන බවත් එම ප්‍රකාශයන් ද විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොදාගන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සිට පළාත් පාලන ආයතන දක්වා සියලු දෙනාටම විනය ක්‍රියාමාර්ග ගන්නා බවද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon