දුම්රියේ අඛණ්ඩ වර්ජනයක්

  👤  3371 readers have read this article !
By mawbima 2017-12-07

උපතිස්ස පෙරේරා

වැටුප් විසමතා ඇතුළු වෘත්තීය ප්‍රශ්න කිහිපයක් පිළිබඳව බලධාරීන් සමඟ කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඊයේ (06දා) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය රියැදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකයන්ගේ සංගමය තීරණය කරන ලදී.

වසරක පමණ කාලයක් තුළ තම වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා වූ සියලුදෙනා දැනුවත් කළද තමන්ට සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බව ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය පවසයි.

මෙම වර්ජනයට ලොකෝමෝටිව් දුම්රිය රියැදුරන්ගේ සංගමය හැර සෙසු දුම්රිය රියැදුරන්ගේ සංගම් සහභාගි නොවන බවත් දුම්රිය නියාමකවරුන්ගේ සංගමය මෙම වර්ජනයට කිසිදු සහායක් ලබා නොදෙන බවත්, දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා ඊයේ (06දා) රාත්‍රියේ 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon