පුංචි ඡන්දයට දෙමළ සන්ධානය එක්ක ටෙලෝ නෑ

  👤  3296 readers have read this article !
By mawbima 2017-12-07

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

පළාත් පාලන මැතිවරණයේදී ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග නොකිරීමට ඊයේ (6දා) අලුයම තීරණය කොට ඇත.
යාපනයේදී 5 වැනිදා පැවැති දෙමළ ජාතික සන්ධාන රැස්වීමේදී ඔවුන් ඔවුන්ගේ පක්ෂයට අනුපාත ක්‍රමය මත ලබා දෙන අපේක්ෂකයන් ප්‍රමාණය භාර ගැනීමට කැමැති වුවත් ටෙලෝ නායකයන් වවුනියාවට පැමිණ යළි සාකච්ඡාවක් පවත්වා එම සාකච්ඡාවේදී තීරණය කොට ඇත්තේ දෙමළ ජාතික සන්ධානය යටතේ මෙවර පළාත් පාලන මැතිවරයට ටෙලෝ සංවිධානයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් නොකිරීමටය. ටෙලෝ සංවිධානයත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කොට ඇත්දැයි විමසූ විට ටෙලෝ සංවිධානයේ මහලේකම් ශ්‍රී කාන්තා පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ තීරණය ගෙන ඇතත් ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න

පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
දෙමළ ජාතික සන්ධානය විසින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡා වට හයේදීම ඉතා සුබවාදී තත්ත්වයක් පෙන්නුම් නොකළ නිසා ටෙලෝ සංවිධානය මෙම තීරණය ගත් බවද මහලේකම්වරයා පවසා ඇත.

පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් කවුරුන් සමඟ එකතු වී සිය අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේද යන්න පැහැදිලිවම ප්‍රකාශ කොට නැතත් උතුරේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ ඔවුන් ආනන්ද සංගරී මහතා විසින් ගොඩනඟනු ලබන නව දෙමළ සන්ධානය සමඟ අත්වැල් බැඳ ගන්නා බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon