කෑගල්ලේ පළාත් පාලන ආයතන 12කට පොහොට්ටුව ඇප බඳියි

  👤  3332 readers have read this article !
By mawbima 2017-12-07

දමුණුපොළ - චමින්ද ජයලත් , පොල්ගහවෙල - ඩිමේෂ් අදිකාරි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවෙන්) කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (06දා) කෑගල්ල මැතිවරණ කාර්යාලයේදී සිදු කෙරිණි.
සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරිණි.

ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ වරකාපොළ, ගලිගමුව, කෑගල්ල, අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, මාවනැල්ල, රුවන්වැල්ල සහ දැරණියගල යන ප්‍රාදේශීය සභා 11ටත් කෑගල්ල නගර සභාවටත්ය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මෙම ප්‍රාදේශීය සභා 11 සහ කෑගල්ල නගර සභාව සඳහා සභිකයන් 411 දෙනකු තෝරාගැනීමට නියමිතය.
සියලුම දිස්ත්‍රික්ක සඳහා පොදුජන පෙරමුණෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික්කය ස¼දහා ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බවත් කංචන ජයරත්න මහතා පැවසීය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් වෙනුවෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ කුරුණෑගල මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon